කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් ඉතාලිය තුළ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 6077ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ගතවූ පැය 24 තුළ පමණක් ඉතාලියෙන් වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 601කි.
මේ වන විට කොරෝනා හේතුවෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 16,558ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලොව පුරා මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 381,649කි.
චීනයෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 3277ක් සහ ස්පාඤ්ඤයෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 2311ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.