World

ඇෆ්ගනිස්ථානයට බලපෑ ගංවතුරින් ජීවිත 160ක් අහිමියි

ඇෆ්ගනිස්ථානයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 160 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පසුගිය සතියක කාලයක් තුළ ඇති වූ මෙම හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් ග්‍රාමිය ගොවි ගම්මානවල පිහිටි නිවාස 2000ක් පමණ විනාශයට ද පත්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

අතුරුදන්වූ පුද්ගලයින් සොයා මේ වන විට මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති අතර බොහෝ පිරිසක් සුන්බුන් අතර සැඟවී ඇති බව ද සඳහන් වේ.

කාබුල් අගනුවරට උතුරින් පිහිටි පර්වාන් හි පුද්ගලයින් 116 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 120කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්ය.

පසුගිය බදාදා දිනයේ පළමු වරට ගංවතුර තත්ත්වය හටගෙන ඇති අතර පසුගිය දින දෙක තුළ එය උපරිම මට්ටමක පැමිණ ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Related posts

මැලේසියාවේ 17 වන රජු දිවුරුම්දෙයි.

Admin

නරේන්ද්‍ර මෝදිට එරෙහිව විශ්වාසභංගයක්

Admin

ඉතාලියේ භූ කම්පනයක්

Admin

සටන් විරාමය මධ්‍යයේ ඊලොන් මස්ක් ඊශ්‍රායලයට

Admin

දේශපාලනයෙන් හමුදාව පවා දුන්නා. – ඇෆ්ගන් හමුදා ජෙනරාල්වරයෙකුගෙන් හෙළිදරව්වක්.

colombotoday

ගාසා තීරය සමතලා කරන්න ජෙරිකෝ මිසයිල යොදා ගන්නැයි පාලක පක්ෂයේ සාමාජිකාවක් කියයි

Admin