ඇඹිලිපිටිය – මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී පොලිසිය සමග ඇති වූ ගැටුමකින් පසු උඩුමහලකින් ඇද වැටී මිය ගිය තරුණයාගේ මරණයට අදාළ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වී තිබේ.
සිරුරට සිදුවූ කැපුම් තුවාල හේතුවෙන් එම මරණ සිදුව ඇති බවට එහි සදහන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
ඇඹීලිපිටිය ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසුවේය.