Colombo Today Local News

ඇමරිකානු ගිවිසුම අත්සන් කිරීම ජනපති නියමයෙන් කල් යයි !

යෝජිත ඇමෙරිකානු සහශ්‍ර සංවර්ධන සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම ලබන ජනවාරි වන තෙක් කල් දමන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇති බව වාර්තාවේ.

එම ගිවිසුම අධ්‍යනය කර සතියකින් පමණ වාර්තාවක් ලබාදෙන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

සතියේ කැබිනට් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (20) උදේ 8.30 ට පමණ රැස්වූ අතර එහිදී එම ගිවිසුම සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

යෝජිත ගිවිසුම කඩිනමින් අත්සන් කළ යුතුව ඇතැයි ඇමැතිවරුන් කිහිපදෙනෙකු අදහස් දක්වා ඇති අතර ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් අද කැබිනට් රැස්වීමේදී අවසන් එකඟතාවකට පැමිණ ඇත.

ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත සහශ්‍ර සංවර්ධන සහයෝගිතා ගිවිසුම යටතේ ඇමෙරිකානු රජයෙන් ඩොලර් මිලියන 480 ක මුදලක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් නවීකරණය හා ඉඩම් පරිපාලන ගැටලු නිරාකරණය වෙනුවෙන් පිරිනැමෙන මෙම මුදල වාරික කිහිපයක් යටතේ වසර 5 ක් තුළ ලබාදීමට යෝජනා වී ඇත.

Related posts

කතෝලික පල්ලිවල ලිංගික අපයෝජනයට ලක් වූ දරුවන් දෙලක්ෂයකට අධික පිරිසක් ගැන තොරතුරු රැසක් එළියට

colombotoday

නම් දුන්නේ 1 යි. ප්‍රතිපලය 60 යි. රනිල්ගේ නම මැතිවරණ කොමිසමට බාර දෙමින් රංගේ බණ්ඩාර කියයි.

colombotoday

රවී කරුණානායක ජනපතිට බොරු කියලා… මහින්දට ආරක්ෂකයන් 500ක් නෑ

colombotoday

බස් ගාස්තු රුපියලකින්ම අඩු කරයි

Admin

‘හරිත ගුරුවරයා’ වෙබ් අඩවිය ජනපති අතින් විවෘත කෙරෙයි

colombotoday

තුර්කියේ ඉස්ලාම් ත්‍රස්තයන් ලංකාවේ ජාතයන්තර පාසලක ආයෝජනය කරලා…

colombotoday