Colombo Today Local News

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතු 11 සඳුදා ඇරඹෙයි

හෙට (11) සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය දෛනික රාජකාරී කටයුතු ආරම්භ කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් රජයේ නිවාඩු දින හැර අනෙකුත් දිනවල දී ආගමන විගමන දෙපාර්තමේන්තු විවෘතව තැබෙන අතර සේවාවන් ලබා ගැනීමට පැමිණෙන මහජනතාව ඇඳිරි නීති කාලසීමාව තුළ පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂණ නියමයන් පිළිපැදිය යුතු බව ඔවුන් සඳහන් කළේය.

ඒ අනුව එක්දින සේවා යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා අයඳුම් පත් භාරදීම උදෑසන 8.00 සිට පස්වරු 1.00 දක්වා ක්‍රියාත්මක කර තිබේ.

සාමාන්‍ය සේවා යටතේ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයඳුම්පත් භාරදීම උදෑසන 9.00 සිට පස්වරු 2.00 දක්වා ක්‍රියාත්මක බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මීට අමතරව ගමන් බලපත්‍ර තොරතුරු සංශෝධනය, පුරවැසිභාවය ලියාපදිංචි කිරීම, ඉන්දීය සහ චීන සම්භවයක් සහිත පුද්ගලයින්ගේ පුරවැසිභාවයට අදාළ කටයුතු, ගමන් බලපත්‍ර දත්ත පිටුවේ තොරතුරු සකස් කරගැනිම සහ ගමන් බලපත්‍ර දත්ත පිටුවේ හා පිටසන්වල අරාබි පරිවර්තනයක් ලබාගැනිමේ කටයුතු උදෑසන 9.00 සිට පස්වරු 1.00 දක්වා ක්‍රියාත්මක කෙරෙන බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

අලුත්ගම නගරයේ තවත් වෙළඳසැල් පහක් වැසේ

colombotoday

බඩඉරිඟු වගාවට කෘෂිකර්මය අක්කර අසූ දහසක ඉඩම් ඉල්ලයි

colombotoday

ඖෂධ වර්ග 60ක මිල 15 වැනි දා සිට පහළට

Admin

පොදු ප්‍රවාහන භාවිතයට අදාළව නිරෝධායන නියෝගයක්

colombotoday

යල් පැන ඇති පොදු ආකෘති සමාලෝචනයට කමිටුවක්

colombotoday

“පෞද්ගලික අධ්‍යාපනය නංවනවා.. තවත් වෛද්‍ය විද්‍යාල තුනක් අරඹනවා“ – කිරිඇල්ල

colombotoday