Colombo Today Local News

අපේ ජන බල පක්ෂය ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද ඉල්ලා අස්කරගනු ලැබුවා

මහ මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක 4ක් වෙනුවෙන් තම පක්ෂය බාරදුන් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද අපේක්ෂකත්වය දරන අපේ ජන බල පක්ෂය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා අස්කරගෙන ඇත.

මෙම පෙත්සම් අද (25)දින සිසිර ද ආබෘ, මුර්දු ප්‍රනාන්දු සහ ඇස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙම කරුණ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ඉකුත්දා තීන්දුවක් ලබාදී ඇති හෙයින් මෙම පෙත්සම් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත් ඒ අනුව පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කර ඇත.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර දී ඇත.

අපේ ජන බල පක්ෂය විසින් කුරුණෑගල, කොළඹ, කළුතර සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

අපේ ජන බල පක්ෂය යටතේ තරඟ වදින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු අපේක්ෂකයින් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර කර තිබුණි.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති එම පෙත්සම්වලින් සඳහන් කර තිබෙන්නේ අපේ ජනබල පක්ෂය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රවල අන්තර්ගත දිවුරුම් පෙත්සම් සහතික කළ සාමදාන විනිසුරුවරයාගේ අත්සන නොමැති බව ප්‍රකාශ කරමින් ඒවා ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් කටයුතු කළ බවය.

එහෙත් මැතිවරණ නීතියට අනුව මේ ආකාරයට නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරීන්ට බලයක් නොමැති බව පෙත්සම් වල සඳහන්ව ඇත.

මේ හේතුවෙන් තම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට අදාල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් ගත් තීරණ නීතියට පටහැනියැයි තීන්දු කොට එම තීරණ බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස අදාළ පක්ෂය ඉල්ලා සිටියේය.

ඊට අමතරව ප්‍රතික්ෂේප කළ සිය නාමයෝජනා පත්‍ර යළි භාර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පක්ෂය සිය පෙත්සමෙන් ඉල්ලා තිබුණි.

Related posts

සෞඛ්‍ය උපදෙස් නොතැකු බස් 50ක බලපත්‍ර කොවිඩ් ලෝකයෙන් තුරන් වනතෙක් අත්හිටුවයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ ආරක්ෂාව වැඩි කරයි…

colombotoday

ව්‍යාජ ලිපිනයකින් රෝහල් ගතවී බේරුවල රතු කලාපයේ ගැබිණියක් දරුවකු බිහිකරයි – කොරෝනා ආසාධිත බවත් තහවුරුයි

colombotoday

දියේ ගිලුණු පුද්ගලයෙක් බේරාගන්න ගිය පාසල් සිසුවා මරුට

colombotoday

ළමා රෝහලේ ඖෂධ 40ක හිඟයක්

colombotoday

ඥානසාර හිමි අද රාත්‍රියේ අත්අඩංගුවට?

colombotoday