Colombo Today Local NewsNew Constitution

“ෆෙඩරල් ව්‍යවස්ථාව ඉක්මන් කරනු“ – දෙමළ පක්ෂවලින් රජයට රතු එළි !

හැකි ඉක්මණින්ම එක්සත් ශ්‍රී ලංකාවක් තුල උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ ෆෙඩරල් රාජ්‍ය ව්‍යවස්ථාවක් ලබාගැනීම වෙනුවෙන් ආණ්ඩුවට බල කිරීමේ අවශ්‍යතාවය මේ වන විට මතුව ඇති බව , ඊපීආර්එල්එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි . මේ සම්බන්ධයෙන් පසුගියදා විපක්ෂ නායක නිල නිවසේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදි ද්‍රවිඩ දේශපාලන පක්ෂ තීරණය කර ඇත්තේ , එක්සත් ශ්‍රී ලංකාවක් තුල උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ ෆෙඩරල් රාජ්‍ය ව්‍යවස්ථාවක් ලබාගැනීම වෙනුවෙන් ආණ්ඩුවට බල කිරීම සදහා සියළුම ද්‍රවිඩ පක්ෂ එක්විය යුතු බවයි .

ඒ වෙනුවෙන් රජය සමග සාකච්ඡා ආරම්භ කළ යුතු බවට තමිල් අරසු කච්චි, ඊළම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (ඊපීආර්එල්එෆ්), දෙමළ ඊළම් විමුක්ති සංවිධානය (ටෙලෝ) සහ දෙමළ ඊළම් ජනතා විමුක්ති සංවිධානය (ප්ලොට්) යන දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ නායකයන් එකඟ වී ඇත.

එහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් , සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියා සිටියේ , උතුරු නැගෙනහිරක් සහිත ෆෙඩරල් පන්නයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ දෙමළ ජාතික සන්ධානයට ඒ වරම අත්හල නොහැකි බවයි.එහිදී, දෙමළ දේශපාලන පක්ෂ විසින් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් තවදුරටත් පෙනී නොසිටීම සම්බන්ධයෙන් රජයද එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්විය යුතු බව ඔහු අවධාරණය කළා.

“අපි වෙනම රාජ්‍ය ඉල්ලීම අත ඇරලයි තියෙන්නේ. එහෙම නම් ආණ්ඩුව ඒකීය ව්‍යවස්ථාව අතහැර දමා ෆෙඩරල් ක්‍රමයකට එකඟ විය යුතුයි. උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකර සිදුකරන කිසිම බලය බෙදීමක් හෝ විමධ්‍යගත කිරීමක් ගැන අපිට එකඟ වෙන්න බෑ. ඒ සමග ෆෙඩරල් රාජ්‍ය ව්‍යුහයක් ගැන දෙමළ ජාතික සන්ධානය රජය හා සාකච්ඡා කළ යුතුයි.

වර්තමාන ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට දී ඇති ප්‍රමුඛස්ථානය වෙනස් කළ නොහැකි නම් හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් බහුතරයක් සිටින උතුරු නැගෙනහිර හෝ එම තත්වය වෙනස් කළ යුතු යි“

Related posts

“බන්ධනාගාර නිලධාරීන් පමණයි වෙඩි තැබීම් සිදුකර තිබෙන්නේ” | මහර ගැටුමට හේතු වු තවත් කරුණු හෙළිවෙයි.

colombotoday

සීනිගම පෙරහැරට 04 වනදා තෙක් විශේෂ රථවාහන සැලැස්මක්

Admin

ජනපති – අගමැති අනුමැතිය ලැබේ.. ග්ලයිපොසෙට් තහනම් ඉවත් කෙරේ

colombotoday

2024 නව වසර ආරම්භ වෙන්නේ ඖෂධ 300ක හිඟයක් එක්ක

Admin

පාර්ලිමේන්තුවේ හූරන්ගේ වැඩ නිසා වන්නියලැත්තෝ ඉන්දියාවේදී ලැජ්ජාවට පත්වුණ හැටි හෙලිකරයි..

colombotoday

ජනපති ඝාතන කතාව ‘හින්දු‘ පුවත්පතට කී ‘සමලිංගික‘ ඇමති කවුදැයි සොයන්න පරීක්ෂණයක්…

colombotoday