Colombo Today Local News

හෝදලා – වේලලා විකුණන පිටකොටුවේ මාස්ක් ?

මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද නිර්නාමික පැමිණිල්ලක් මත සිදුකළ වැටලීමකින්, නැවත භාවිත කළ නොහැකි මුව ආවරණ 3128ක ප්‍රමාණයක් මුද්‍රා තබා තිබේ.

ඊයේ (10)දින දහවල් කොළඹ, කොටුව හතරවන හරස් වීදියේ, ගොඩනැගිල්ලක එම මුව ආවරණ වේලීම සඳහා තබා තිබිය දී මෙලෙස සොයා ගෙන ඇත.

කොටුව, මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.බී.ලාල් කුමාර මහත පවසා සිටියේ, පිටකොටුව පරිසර පොලීසිය සමග අදාළ ස්ථානය වෙත යන විට නිල් පැහැති හා සුදු පැහැති මුව ආවරණ හා KN 95 වර්ගයේ මුව ආවරණ විශාල ප්‍රමාණයක් වේලීමට තබා තිබු බවය.

පසුව කළ ප්‍රශ්න කිරීම්වල දී හිමිකරුවන් විසින් වැස්සට තෙමී ගොස් ඇති බැවින් මෙලෙස වේලා ගන්නා බව සඳහන් කර ඇතැයි ද පැවසු ඒ මහතා, ඒ පිළිබඳ ඇති වු සැකය මත වැඩිදුර ප්‍රශ්න කිරීම් කළ බව ද සඳහන් කළේය.

ඒ අනුව, පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සහයෝගය මත හිමිකරුවන් සමග එම මුව ආවරණ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට රැගෙන විත් මුද්‍රා තැබීමට කටයුතු කර තිබේ.

මුව ආවරණ තොගය හා එහි හිමිකරුවන් මාලිකාන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඉදිරි නීතිමය පියවර ගනු ලබන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.බී.ලාල් කුමාර මහතා පැවසීය.

Related posts

පාස්කු වන්දි ගෙවා අවසන් කරන්න මෛත්‍රී ඇතුළු පිරිසට අධිකරණයෙන් දින දෙයි

Admin

විශ්වවිද්‍යාල ආචාර්යවරු අද දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක

Admin

අගමැති කාර්යාලයේ “සමරිසි” පාඩමට මහා සංඝරත්නයේ විරෝධය (Video)

colombotoday

ඉන්දීය IT වෘත්තිකයින්ට ඇමරිකාව වැට බඳියි!

colombotoday

රාත්‍රියේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

colombotoday

ටිකිරි මැණිකේ පීලි පනී… උඩරට දුම්රිය ගමනට බාධා

Admin