Colombo Today Local News

හොස්ටල් එකේ බුදු මැදුරක් හදන්න ගියැයි සිසුන් හය දෙනෙකුට යාපනය සරසවිය තහනම් වෙයි…

යාපනය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළ බුදු කුටියක් සෑදීමට උත්සහ කරන ලදැයි කියන සිද්ධියක් පාදක කරගනිමින් තමන්ට විශ්ව විද්‍යාලයට ඇතුළුවීම තහනම් කිරීමට පාලනාධිකාරිය ගත් තීරණය තුළින් තම මූලික අයිතිවාසිකම් උල්ලංගනය කර ඇති බව සදහන් කරමින් එම විශ්ව විද්‍යාලයේ සිසුන් 6 දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති, විශව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිශන් සභා සභාපති, උසස් අධ්‍යාපන ඇමති ඇතුළු 9 දෙනකු නම් කර තිබුණි.

යාපනය විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය හා මානව සම්පත් පීඨයේ නේවාසිකාගාරයේ බුදුකුටියක් තැන්පත් කිරීමට අදාළ සිසුන් ඉකුත් ජනවාරි මාසයේදී සූදානම් වී ඇති අතර ඊට පාලනාධිකාරිය විරුද්ධ වී තිබේ.

එම බුදුකුටිය සෑදීමට මූලිකත්වය ගත් සිසුන් 6 දෙනකුට විශව විද්‍යාලයට ඇතුලුවීමට පාලනාධිකාරිය ඉන් අනතුරුව කටයුතු කර තිබිණි.

ඒ හේතුවෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇතැයි සිසුන් චෝදනා කර සිටියි.

යාපනය විශ්ව විද්‍යාලය තුළ එල්ටිටීඊ සංවිධානයට සහය පළකරන මහවිරු සැමරුම් ඇතුලු සැමරුම් ගණනාවක් කිසිදු බාධාවකින් තොරව පැවැත්වීමට පාලනාධිකාරිය ඉඩ ලබාදී ඇති බව ද අදාළ සිසුන් සිය පෙත්සම මගින් වැඩිදුරටත් දන්වා සිටියි.

Rivira

Related posts

මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දුට සහ නාමල් රාජපක්ෂට එරෙහිව විදෙස් ගමන් තහනමක්

colombotoday

දියර පොහොර භාවිතයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ උපදෙස් පිළිපදින්න

colombotoday

ජොන්ස්ටන් සහ රත්තරන් නායකත්වය දුන් දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය අඩුයි.

colombotoday

රටක තිබිය යුත්තේ එක නීතියක් – එය සැමට පොදු විය යුතුයි – දුමින්ද

colombotoday

ලංකාවේ සියලු මාර්ග නාම පුවරු සිංහල දමිළ හා ඉංග්‍රීසි නම්වලින් පමණයි

colombotoday

අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමට අවධානය

colombotoday