Colombo Today Local News

හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

අතුරුගිරිය – අරංගල ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලි ග්‍රෑම් 860ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ සැකකරු සතුව තිබී රුපියල් 96,160ක මුදල්, යුද හමුදා නිල ඇඳුම් කොටස් කිහිපයක්, තහනම් පිහි 2ක්, ජීව උණ්ඩ 2ක්, හිස් පතරොම් කොපු 4ක් හා ත්‍රීරෝද රථයක් පොලිස් බාරයට ගත් බවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 39ක් වයසැති හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (18)දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර, මහනුවර පැල්ලේකැලේ නත්තරම්පොත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 15ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අවුරුදු 24ක් වු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (18)දින තෙල්දෙණිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

‘කොටි හඬ’ට පණ එයි! යළිත් විකාශණය ඇරඹේ

colombotoday

ගෙලට පිහියකින් පහරදී පුද්ගලයෙක් මරා දාලා

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 109 දක්වා ඉහළට

colombotoday

සබරේ නවකවධය ඇවිලේ! සිසුන් පහකට මානසික අවපීඩනය

Admin

ඇමතිධුර හයක් හිස්වෙයි… ඇමති පිරිසක් රට යයි.. කැබිනට් සංශෝධනය කල් යන ලකුණු

colombotoday

ජනපතිට ඡාත්‍යන්තර සම්මානයක්

colombotoday