Colombo Today Local News

හෙට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට එන්න සිවාජිලිංගම් බෑ කියයි

ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන අයුරින් සැමරුම් උත්සවයක් සංවිධානය කළ බව කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතාට හෙට (27) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් දී තිබූ අතර ඒ සඳහා හෙට සහභාගී වීමට නොහැකි බව එම්.කේ සිවාජිලිංගම් විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට දන්වා ඇති බව වාර්තා වෙනවා.

ඉකුත් මැයි මාසයේ වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ තමා විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳවා ඇතැයි එම්.කේ.සිවාජිලිංගම් මහතා ලංකාදීපයට ප්‍රකාශ කළේය.

මෙම සැමරුම තමා සංවිධානය කළේ යුද්ධය හේතුවෙන් පීඩාවට පත් වූ දෙමළ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් බවද සිවාජිලිංගම් මහතා කියා සිටියේය.

ජන සංහාර සැමරුම් සතිය ලෙස නම් කළ සැමරුම් උත්සවයක් ඉකුත් මැයි 12 වැනිදා සිට සතියක කාලයක් පුරා මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල්හිදී පැවැත්විණි. එම සැමරුම තුළින් ජාතිවාදය ඇවිස්සීමට සිවාජිලිංගම් මහතා කටයුතු කර තිබෙන බවට දකුණේ දේශපාලන කණ්ඩායම් සහ ආගමික නායකවරු චෝදනා කළහ.

එම චෝදනා ප්‍රතික්ෂේප කළ සිවාජිලිංගම් මහතා පැවසුවේ යුද්ධය නිසා බැට කෑ දෙමළ ජනයා සනහාලීමට තමා ඒ ක්‍රියාව කළ බවයි.

Related posts

TNA මන්ත්‍රී වෙනම රටක් වෙනුවෙන්, ඊළාම් සමුළුව අමතයි.. අත්අඩංගුවට ගැනීමේ නියෝග නෑ !!

colombotoday

නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නායයෑමක්

Admin

ජනපති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණයක

colombotoday

“යහපාලන කිරි මුට්ටියට හිරුණිකා ගොම දැම්මා” – එජාප මන්ත්‍රීන් හිරුණිකාට එරෙහිව අවි අමෝරයි

colombotoday

අයි.ඕ.සී. ඉන්ධන මිලත් සිපෙට්කෝ ඉන්ධන මිලට සම කරයි

Admin

රටවල් 197ක් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ලබා දෙයි

Admin