Colombo Today Local News

හින්දු කෝවිලකට පහර දී ප්‍රතිමා හා භාණ්ඩ රැසක් කුඩුපට්ටම් කරයි

මන්නාරම යාපනය ප්‍රධාන මාර්ගයේ තල්ලඩි ප්‍රදේශයේ පිහිටා තිබූ ඝණපති හින්දු කෝවිලකට ඊයේ (21)දින සවස කිසියම් පිරිසක් විසින් හානි කොට පලා ගොස් ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.

ඊයේ සවස කිසියම් පිරිසක් කෝවිල තුලට ඇතුලු වී කෝවිලේ පිහිටි ඝණදෙවි පිළිමයකට මෙන්ම කෝවිල් මණ්ඩපයේ පිහිටි භාණ්ඩ රැසකටද හානි කොට පලා ගොස් ඇති බවට අනාවරණය වී ඇත.

මෙම ඝණපති කෝවිලට මීට පෙර අවස්ථාවකදීද කිසියම් පිරිසක් මෙලෙස ඇතුල් වී දේව ප්‍රතිමාවලට හා භාණ්ඩ රැසකට හානි කල බවටත් වරදකරුවන් මෙතෙක් නිදැල්ලේ පසුවන බවට ප්‍රදේශවාසීන් පවසා සිටිති.

කෙසේ වෙතත් මේ වන විට කෝවිලට හානි සිදු කල පුද්ගලයින් කව්රුන්දැයි යන්න හඳුනාගැනීම සඳහා පරික්ෂණයක් සිදු කරන බවටද මන්නාරම් පොලීසිය වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

ලිංගික චෝදනාවෙන් නිදහස් වූ ධනුෂ්කගේ නඩු ගාස්තු පියවන්නැයි නියෝගයක්

Admin

දුරකතන අංකය වෙනස් නොකරම වෙනත් සේවා සපයන්නෙකු සමග එක් වෙන්න පාරිභෝගිකයන්ට අවස්ථාව

colombotoday

පොහොට්ටුව දිනලා ඉවරයි – අගමැති සටන ඇත්තේ අනුශූරයා වීමටයි. – බැසිල් රාජපක්ෂ

colombotoday

සුරාබදු කොමසාරිස්ගේ ගෙදරට බෝම්බ ගහයි !

colombotoday

අපි කළ හොඳ වැඩ නිසා ප්‍රා.සභා ඡන්දෙත් දිනනවා

Admin

මාව මරන්න හදනවා…

colombotoday