Colombo Today Local News

හිටපු ජනපති මෛත්‍රී කැබිනට් මණ්ඩලයෙන් හැලේ

මෙවර මහ මැතිවරණයෙන් මනාප 111,137ක් ලබා ගනිමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පළමු ස්ථානය දිනා ගනු ලැබූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධුරයක් හිමි වුයේ නැහැ.

එමෙන්ම මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගෙන් කැබිනට් අමාත්‍යධුරයක් සඳහා හිමිකම් ලැබුවේ පරිසර අමාත්‍යධුරයට පත් කරනු ලැබූ අමාත්‍ය මහින්ද අමරවීර පමණයි.

එම පක්ෂයේ තවත් ජේෂ්ඨ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ එස්.බී. දිසානායක නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපතිවරයෙක් වශයෙන් අද දිනයේදී පත්වීම් ලැබුවා.

ඊට අමතරව ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, දයසීරි ජයසේකර හට රාජ්‍ය අමාත්‍යධුරයන් හිමිවුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් වූ රංජිත් සියඹලාපිටිය හටද මෙවර ඇමති තනතුරක් හිමිවුයේ නැහැ.

Related posts

රතන හිමි සමග ජාතික සංවිධාන රැසක් ගෝඨාභයගේ සහයට !

colombotoday

ඔක්තෝබර් 31 කල් ඉකුත්වන ෆයිසර් එන්නත් මිලියන 7ක්

colombotoday

සාකච්ඡා අසාර්ථකයි, දුම්රිය වර්ජනය දිගටම !

colombotoday

ශ්‍රීලංකන් කෙයාර්ස් අත්‍යාවශ්‍ය ඖෂධ රැගෙන එයි

colombotoday

දෙරණ වැරදි කරුවවූ, අර්ථය විකෘති කළ වීඩියෝව මෙන්න

colombotoday

කොරෝනා ආසාදිතයන් තවත් ඉහලට

colombotoday