Colombo Today Local News

හිටපු අගමැති රනිල්ට පාස්කු විමර්ශන පොලිස් ඒකකයෙන් දැනුම් දීමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සදහා එළඹෙන සතියේ ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනි සිටින ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට දැනුම් දී තිබේ.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එළඹෙන 21 වනදා ජනාධිපති කොමිසමේ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති අතර එදිනම විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාටද දැනුම් දී ඇති බව වාර්තා වේ.

එසේම හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට එළඹෙන 18 වනිදා විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරු පළමුවරට ලැබුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද (11)දින 8 වන වරටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අතර නමුත් ඔහුගේ සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත නොකෙරිණි.

Related posts

ඉතිහාසයේ ප්‍රථමවරට වැඩබලන ජනාධිපති ලේකම්වරියක්

Admin

පාර්ලිමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන් 35ක් ගෙදර යයි

Admin

මැදවච්චියෙන් බෝම්බයක් හමුවෙයි

colombotoday

“අපට ඤාණය දෙන්න.. ධනය දෙන්න..“ පාර්ලිමේන්තුවේදී නව රාත්‍රී දේව පූජාවක්

colombotoday

10 වැනිදා ඡන්දෙට 9 වැනිදා සියළුම පාසල් වසයි.. අද සිට වැසෙන පාසල් මෙන්න

colombotoday

යහපාලන ඇමතිලාට එරෙහි දූෂණ විමර්ශන එක තැන නවතී.. ඉහලින් බලපෑම් !

colombotoday