ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් නෙරපා දැමීමත් සමග රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එජාප අභ්‍යන්තරයෙන් නැවත වරක් කැරැල්ලක් මතුවෙමින් පවතින බවට ආරංචි මාර්ග සදහන් කරනවා.
රනිල් වික්‍රමසිංහ මහතා අත්තනෝමතිකව ගත් බොහෝ තීරණ යහපාලන රජයේ දෙදරා යෑමට හේතු වූ බවද එජාප යේ ජේෂ්ඨයක් කිහප දෙනෙකුම චෝදනා කර ඇත.
මේ අතර අරලිය ගහ මන්දිරය නව අගමැතිවරයාට ලබා නොදී, රනිල් වික්‍රමසිංහ මහතා බලහත්කාරයෙන් එහි රැදී සිටීම සම්බන්ධයෙන් ද එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි විරෝධතාව පලකර ඇතැයිද පැවසේ.