රජය විසින් පනවා ඇති පාලන මිලට පරිප්පු හා හාල්මැස්සන් අලෙවි කිරීම අලාභ බැවින් ඇතැම් තොග වෙළදුම් විසින් මේ වන විට එම ද්‍රව්‍ය ආනයනය කිරීම නවතා දමා තිබෙන බව වාර්තා වනවා.
හොද වර්ගයේ හාල්මැස්සන් කිලෝවක් ශ්‍රී ලංකාවට ගෙන්වීමට රුපියල් පන්සියයක් පමණ වැයවන අතර හොද වර්ගයේ පරිප්පු කිලෝවක් ගෙන්වීමට රුපියල් 210ක් වැයවේ. එහෙත් රජය නියම කර ඇති උපරිම මිල හාල්මැස්සන් කිලෝවකට රුපියල් 410ක් වන අතර පරිප්පු කිලෝවකට රුපියල් 169කි. එම මිලට වඩා විකුණන වෙළදුන්ට පාරිභෝගික අධිකාරිය මගින් අල්ල දඩ නියම කරනු ලැබේ.
මේ නිසා එම ද්‍රව්‍ය විකිණීමෙන් ඉවත් වීමට බොහෝ වෙළදුන් පෙළඹි තිබේ.