Colombo Today Local News

“හමුදාපතිට නඩු දාන බවක් මා දන්නේවත් නෑ” – ආරක්ෂක ලේකම්

karunasena hettiaracchiහමුදාපතිවරයාට එරෙහිව නඩු පැවරීමට යන බවක්‌ තමන් නොදන්නා බවත් ඒ පිළිබඳ කිසිවක්‌ තමන් වෙත දන්වා නැති බවත් ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා “දිවයින”ට ප්‍රකාශ කළේය.

එක්‌නැලිගොඩ සිද්ධියට අදාළ කිසියම් කාරණයක්‌ මුල්කරගෙන එසේ නඩු පවරන බව තමන්ට නිල නොවන මට්‌ටමින් දැන ගන්නට ලැබී ඇති බවද ත්‍රිවිධ හමුදාවට මඩගන්න කිසියම් පිරිසක්‌ සැලසුම් කරන්නේද යන්න පිළිබඳව තමන්ට සැක මතු වී ඇති බවද ලේකම්වරයා කීය. කෙසේ වුවද මේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට තමන් කටයුතු කර ගෙන යන බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගිරිතලේ සන්නද්ධ බුද්ධි බළකා කදවුර විසින් පවත්වාගෙන ගිය ලේඛන 14කට අදාළ තොරතුරු එක්නැලිගොඩ නඩුවේ පැමිණිල්ල වෙත ලබාදෙන ලෙසට දන්වමින් පසුගිය සැප්තැම්බර් 28 වනදා අධිකරණය මගින් යුද හමුදාපතිවරයාට නියෝග කර තිබූ අතර මෙතෙක් එයට නිසි ප්‍රතිචාර නොදක්වා ඇති බව නීතීඥයන් විසින් අධිකරණයට කරුණු දක්වා ඇති අතර ඒ අනුව අධිකරණ නියෝග කඩකර ඇත්නම් යුද හමුදාපතිවරයා විත්ති කරුවකු කර නඩු පවරන ලෙසද ‍හෝමාගම මහෙස්ත්‍රාත් රංග දසනායක මහතා පෙරේදා 11 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන්වීය.

Related posts

ජනපති අද එන ‘සරල උත්සවයට’ වියදම තුන් කෝටි අසූලක්ෂයයි.. අනුමත බිල්පත මෙන්න !

colombotoday

75 වන නිදහස් සමරු මුද්දරය සහ සමරු කාසිය ජනපතිට

Admin

අන්තවාදී නිලධාරීන්ගෙන් බැටකන එරාවූර් සිංහලයන්ගේ ඉරණම !

colombotoday

ගිලන් රථයක් ත්‍රිරෝද රථ තුනක් හප්පා තුන්දෙනකු යට කරයි

colombotoday

අයවැය විසර්ජන සංශෝධන පනත 30 වැනිදා පාර්ලිමේන්තුවට

colombotoday

ධනුෂ්කට එරෙහි චෝදනා 4න් 3ක් ඉවත් කෙරේ

Admin