Colombo Today Local News

සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් උසස් පෙළ අදින් ඇරඹේ

කොරෝනා වසංගත අභියෝගය මැද අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර උසස්පෙළ විභාගය අද සිට ආරම්භ වනවා.

ඊයේ පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා කි‍්‍රයාත්මක කළ සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුව උසස්පෙළ විභාගය ද පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මෙවර උසස්පෙළ විභාගය සඳහා සිසුන් තුන්ලක්ෂ 62,824 ක් පෙනී සිටිනවා. ඒ, විභාග මධ්‍යස්ථාන 2,648 කදීයි.

උසස්පෙළ විභාගය සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට අනුව පැවැත්වීම සඳහා මේ වනවිට සියළු කටයුතු සූදානම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ.

නිරෝධායන ඇදිරි නීතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල සිට වෙනත් ප‍්‍රදේශවල විභාග මධ්‍යස්ථානවලදී උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින විභාග අපේක්ෂකයින්ට එම බල ප‍්‍රදේශවල විශේෂ විභාග මධ්‍යස්ථානවල සිට විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ සඳහා ස්ථාපිත කර ඇති විශේෂ විභාග මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මෙලෙස අදහස් පළ කළා.

විභාගයට පෙනී සිටීමේදී අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත‍්‍රය හෝ වලංගු රියදුරු බලපත‍්‍රය ඉදිරිපත් කළ යුතුයි.

නිරෝධායන ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක පොලිස් බල ප‍්‍රදේශවල උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට සිය විභාග ප‍්‍රවේශපත‍්‍රය ඇඳිරි නීති බලපත‍්‍රයක් ලෙස භාවිත කළ හැකි බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

විභාගය ආරම්භ වීමට ප‍්‍රථම සහ විභාගය අවසන් වීමෙන් පසු සිසුන් කණ්ඩායම් වශයෙන් එක්ව ගැවසීමෙන් වළකින ලෙස මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

Related posts

සියලුම මුස්ලිම් පල්ලි රාමසාන් උත්සව දිනයේ දී වසා තැබිය යුතුයි. | වකූෆ් සභාවෙන් නියෝග.

colombotoday

හදිසි නීති රෙගුලාසීවලට අදාළ විවාදය ලබන සඳුදා

colombotoday

සමන් පෙරේරා රෝයල් බීච් සමන් උනහැටි – මිනීමැරුම් චෝදනචෝදනවලට මොකද උනේ? කවුරුත් නොදන්නා කතාව.

colombotoday

සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කරීමට මූලික සැලසුම් සකස් කරන්නට කමිටුවක්

colombotoday

සිරිමාවෝ චිත්‍රපටය නිෂ්පාදනය කළ අනෝමාට 21 වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයක්

Admin

බදියුදීන්ව අත්අඩංගුවේ තියා ගන්න හේතුව කථානායක විමසයි

colombotoday