Colombo Today Local NewsUncategorized

සෝභිත හිමි අවමගුළේ සහජීවන මාධ්‍ය සංදර්ශන – හිමිවරුන් කණගාටුවෙන්

අපවත්78954වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ ජාති ආගම් භේදයකින් තොරව මේ රටේ ජීවත්වන සැමට සර්ව සාධාරණ වූ සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් සිය දිවිය කැප කළ යුගයක් බිහිකළ මහා යතිවරයන් වහන්සේ නමක් බව අවිවාදිතය. ජාති ආගම් භේදයකින් තොරව කවුරුත් උන්වහන්සේට අවසන් බුහුමන් දක්වන්නේද එබැවිනි.

නමුත් උන්වහන්සේගේ ශ්‍රී දේහය උපයෝගී කරගෙන එක්තරා පිරිසක් විසින්  අමුතු ආකාරයේ සහජීවනයක් මවා පෑමට උත්සහා කරන බවත් ඇතැම් බොදු වත්පිළිවෙත්වලට නිගරු කරමින් කටයුතු සිදුවෙමින් පවතින බවටත් භික්ෂූන් වහන්සේලා පිරිසක් කණගාටුව පළ කරනවා.  මාධ්‍ය තුළින්ද අතිශෝක්තියෙන් හුවා දක්වමින් සංදර්ශනාත්මක ස්වරූපයෙන් සිදු කරන මෙම අමුතු සහජීවනය මවා පාමින් සිටින බවයි උන්වහන්සේලා පෙන්වා දුන්නේ.

නාහිමියන්ගේ ශ්‍රී දේහය තැන්පත්කර තිබෙන ධර්මශාලා පරිශ්‍රයට ඇතැම් අය බෞද්ධ වත්පිළිවෙත් නොතකාහරිමින් සිය ආගමික හිස්වැස්ම පිටින්ම ඇතුළු වීම නිසා එහි සිටි බෞද්ද පිරිස් කම්පාවට පත් වූ බවත්, එය නාහිමියන්ට මෙන්ම සසුන් පිළිවෙත්වලත්ටත් සිදුවන්නේ නිගරුවක් බව එම හිමිවරුන් අප සමග පවසා සිටියා.

මෙවැනි සිදුවීම් වලින් කළකිරිමට පත් එක්තරා ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේනමක්, තමන්වහන්සේට ජල බෝතලයක් දී එය ඡායාරූපගත කිරීමට තැත් කළ පිරිසකට “මට වතුර නෙවෙයි වස බෝතලයක් දීපල්ලා යැයි” පැවසූ බවද අප සමග පවසා සිටියා. අවංකම සහජීවනයක් අවශ්‍යනම් මෙවැනි සංදර්ශන අවශ්‍ය නැති බවයි උන්වහන්සේ සදහන් කළේ.

ජාතීන් අතර සැබෑ ලෙසම සහජීවනය ගොඩනැගිය හැකිවන්නේ එකිනෙකාගේ ජාතික ආගමික සංස්කෘතීන්වලට නිසි ගෞරවය ලබා දීමෙන් ගොඩනැගෙන අනෝන්‍ය අවබෝධය පදනම් කරගෙන බවට සෝභිත හිමියන්ගේ දර්ශනය වූ බවත් මෙවැනි බොරු මවාපෑම්, නොමග යැවීම්වලට උන් වහන්සේ තරයේ විරුද්ධ වූ බවත් පෙන්වා දෙන එම හිමිවරුන් වැඩි දුරටත් පැවසූයේ සෝභිත හිමියන්ගේ අවසන් කැමැත්තටවත් ඉඩ නොදී උන්වහන්සේ ප්‍රතික්ෂේප කල දේවල්ම උන්වහන්සේගේ අවමගුළ තුළ සිදුවීම පිළිබදව අතිශය කම්පාවට පත්වන බවයි.

එමෙන්ම සෝභිත නාහිමියන් පිළිබදව සැබෑ ගෞරවයෙන් යුතුව උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීමට පැමිණි හින්දු, ඉස්ලාම් සහෘද ජනතාවට නාහිමියන් වෙනුවෙන් බෞද්ධ ජනතාවගේ කෘතඥතාවය හිමිවන බවද උන්වහන්සේලා පැවසූවා.

Related posts

අවුරුදු තුනකට පෙර ඉවත් කල සිම් එකක තැන්පතු මුදල ඉල්ලා ‘එටිසලාට්‘ සමාගමෙන් ප්‍රසිද්ධ හිමිනමකට නඩු…

colombotoday

ගාලු පාරෙන් කොටසක් ගිලාබසී

Admin

අමෙරිකානු තානාපතිනිය සහ විදේශ ඇමති අතර හමුවක්

colombotoday

මරණ දඩුවමට එරෙහිව දුමින්ද සිල්වාගෙන් අභියාචනයක් !

colombotoday

මුස්ලිම් නීතිය තහනම් කරන්න.. කාන්තා සංවිධාන අටකින් ඉල්ලීම්

colombotoday

වෙසක් වෙනකල් කසිප්පු ජාවාරම්කරුවන්ට පොලිස් උපදෙස්

colombotoday