Colombo Today Local News

සෝභිත හිමියන්ගේ ජාතික ශාසනික සේවාව ශ්‍රෙෂ්ඨයි, මානුෂීය මෙහෙවරේදී දුන් සහය අතිමහත්!

mahindaඋන්වහන්සේම පැවසූ පරිදි ත්‍රස්තවාදී යුද්ධය හිඟන්නාගේ තුවාලයක් කරගෙන දශක ගණනාවක් ජාතිය විනාශකර යන ගමනට තිත තැබූ මානුෂික මෙහෙවරේදී මාදුළුවාවේ සෝභිත හිමියෝ දැක්වූ සහය අතිමහත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ‍ මෙහෙවර අගයමින් ඒ මහතා විසින් නිකුත් කළ ශෝක පණිවිඩයක මේ බව සඳහන්ය.

එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.

2015.11.10
ශෝක පණිවිඩය

අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ අපවත් වීම පිළිබඳ පුවතින් අතිශය සංවේගයට පත් වුණෙමි.

දශක ගණනාවක් පුරා ලෝකචර්යාව සමග බැදී සිදුකළ උදාර සමාජ මෙහෙවරද, ධෛර්යවන්ත නොසැලෙන නායකත්වයද විචිත්‍රවුද සුමධුර වුද ධර්මදේශනා කුසලතා මහිමයද නිසා උන්වහන්සේ ශ්‍රී ලංකාවාසි ජනතාව අතර මහත් ගෞරවාදරයට පාත්‍ර වූ සේක.

අමද්‍යප ව්‍යාපාරයට පණ පොවමින්, ජාතික සංඝ සභාව පිහිටවීමට උර දෙමින් සිදුකළ ජාතික හා ආගමික මෙහෙවර උදාරය. ත්‍රස්තවාදී ප්‍රශ්න පැවතී සමයේ මායිම් ගම්මානවලට පසු නොබා වැඩමවූ නාහිමිවරුන් අතරින් මාදුළුවාවේ සෝභිත නාහිමියෝ ද විය. සුනාමි ආපදාවේදී ජනතාවට කළ මෙහෙවර අගය කළ යුතුය. විවෘත ආර්ථිකයද එකල පැවති දේශපාලන මර්ධනකාරී ස්වභාවය විසින් බිහි කළ සමාජ සංස්කෘතික පරිහානියට එරෙහිව මුලින් ම සටන් කළ පිරිස අතර මාදුළුවාවේ සෝභිත හිමියෝද විය . මහාචාර්ය සරත්චන්ද්‍රයන් සමග මැර ප්‍රහාරයට ගොදුරු වීමද, ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව පිටකොටුවේ කල සත්‍යග්‍රහයේදී ප්‍රහාරයට ලක්වීමද, තමන් වැඩ විසු නාග විහාරයට ප්‍රහාර එල්ල වීමද, නාරාහේන්පිට අභයාරාමයේදී ප්‍රහාරයට ලක්වීමද නාහිමියන්ගේ වේදනාත්මක අත්දැකීම්ය. එදා රටේ පැවතී ප්‍රජාතන්ත්‍ර විරෝධී බවට  එරෙහිව සටන් කළ අය මුහුණ දුන් ඛේදවාචකයට මාදුළුවාවේ සෝභිත හිමිපාණෝද නිදසුනකි. උන්වහන්සේ නිරන්තර ප්‍රකාශ කළ පරිදි ත්‍රස්තවාදී යුද්ධය හිඟන්නාගේ තුවාලයක් කරගෙන දශක ගණනාවක් ජාතිය විනාශකර යන ගමනට තිත තැබූ මානුෂික මෙහෙවරේදී මාදුළුවාවේ සෝභිත හිමියෝ දැක්වූ සහය මම ඉමහත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි.

උන්වහන්සේ මා හඳුනාගත් විද්‍යෝදය ශිෂ්‍ය අවධියේ සිට අවසාන මොහොතේ රෝගාතුරව කනස්සල්ලෙන් සිටින විට බැහැදැකීමට ගිය මොහොතේත් එක හා සමාන මිත්‍රත්වයකින් ද ගෞරවයකින්ද කටයුතු කළ ආකාරය මම ගෞරවයෙන් සිහිපත් කරමි. මාදුළුවාවේ සෝභිත හිමිපාණන්වහන්සේ ලෝකාර්ථ චර්යාවේ යෙදෙමින් විචිත්‍ර ධර්මදේශනා කර සත් වග පහන් කරමින්, ජාතියේ යහපත වෙනුවෙන් කළ මහා මෙහෙවරට මාගේ ගෞරවයද පුද කරමි.

මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේට නිවන්සුව අත්වේවා!

මහින්ද රාජපක්ෂ (පා.ම)
හිටපු ජනාධිපති

Related posts

සුනිල් පෙරේරාගේ අවසන් කටයුතු සඳහා සහභාගී විය හැක්කේ පවුලේ 5 දෙනෙකුට පමණයි.

colombotoday

මහින්දානන්ද – වෙල්ගම ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරවලින් ඉවතට !

colombotoday

අගමැති මැදිහත්වී ITN මහේෂ්ගේ රැකියාව නැවත ලබාදෙයි

colombotoday

ආණ්ඩුව හදපු ගමන් බලය විමධ්‍යගත කරනවා

Admin

රනිල්ගේ නිවසට ගිනිතැබීම : ස.ජ.බ හිටපු මන්ත්‍රී සී.අයි.ඩී. අත්අඩංගුවට

Admin

හදිසි විදුලි බිඳ වැටීමෙන්, ජාතික රෝහලේ අක්‍රිය වූ MRI යන්ත්‍ර මෙතෙක් නඩත්තු කර නැහැ

Admin