Colombo Today Local News

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවේ

ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ‍ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය (29) වන දා අළුයම සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ‍වැගන් ආර් කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් ස්වයංක්‍රීය ගිනි අවිවලින් එම හෝටලයේ වීදුරුවලට වෙඩි තබා තිබුණි.

පසුව ඔවුන් පලා ගොස් තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයේ නිලධාරින් විසින් ඊයේ (30)දින රාත්‍රී 8.00 ට පමණ එලුවිල, පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ‍ස්ථානයට ඉදිරිපත් කර තිබේ.

මෙම අත්අඩංගුවට ගත් සැකකරු 2018.05.24 වන දින දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන අතර, ඔහු දැනට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර සිටින පුද්ගලයෙකු වන බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34 ක් වු සමුද්‍රාසන්න පාර, අඟුලාන, මොරටුව යන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු බාරයේ තිබී ජංගම දුරකථනයක් හා සිම් කාඩ්පතක් පොලිස් බාරයට ගෙන තිබේ.

සැකකරු අද(31) ගල්කිස්ස ‍මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

මීනගයා රාත්‍රී තැපැල් දුම්රියයන් අවලංගු කෙරේ

Admin

ශ‍්‍රීලනිපයෙන් මෛත‍්‍රී ඉවතට නායකත්වය මහින්දට

colombotoday

20 ගෙනාවොත් රටම අරාජික වෙනවා…මේක මහින්ද ජවිපෙට දුන්න ලණුවක්

colombotoday

නීති විරෝධී ලෙස කහ ගෙනා පුද්ගලයා ස්වයං නිරෝධායනයට

colombotoday

ආණ්ඩුකාරවරු සිව්දෙනෙක් 18 තෙක් නිවාඩු ගන්වන්න – මහින්ද දේශප්‍රිය ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

පාස්කු කොමිසමේ සියලු වාර්තා පාර්ලිමේන්තු විවාදයට පෙර ලබා දෙන්න

colombotoday