Colombo Today Local News

සේවය නිම කර යමින් සිටි පොලිස් නිලධාරිනියකගේ රන්මාලය කඩාගෙන

සිය සේවය නිමවා නිවස කරා යමින් සිටි පොලිස් නිලධාරිනියකගේ ගෙල බැඳි රන් මාලය හා පෙන්ඩනය කිසියම් අයෙකු විසින් කඩාගෙන යාමේ පුවතක් රුවන්වැල්ල පොලිසියෙන් වාර්තා වෙයි.

මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ රුවන්වැල්ල පොලිසියේ සේවයේ නියුතු බුලත්කොහුපිටිය තන්නිමලේ ප්‍රදේශයේ පදිංචි පොලිස් නිලධාරිනියකි.

ඇය ඉකුත්දා (11 වැනිදා) සේවය නිම කොට යතුරුපැදියෙන් නිවස බලා පැමිණෙමින් සිටියදී බුලත්කොහුපිටිය රුවන්වැල්ල මාර්ගයේ හුදකලා ප්‍රදේශයක් වන හාතාගොඩ දී ඇගේ පසු පසින් යතුරුපැදියකින් පැමිණි අයෙකු මෙම පැහැරගැනීම සිදු කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමට රුවන්වැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

කදුරට ජාතික පෙරමුණේ සහය මහින්දට

colombotoday

මහින්දගේ රත්තරං හොයන්න ලියනගේගේ පිහිනුම් තටාකය හෙට හාරයි

colombotoday

රාජිත ට සිතාසි

colombotoday

හෝටලයක වැසිකිලිවලේ කාන්තාවකගේ මළසිරුරක්

colombotoday

සජිත් ජනපති වූ පසුව සියළුම කාන්තාවන්ට නොමිළේ සනීපාරක්ෂක තුවා !

colombotoday

ඇමති රාජිතට හෘදයාබාධයක් වැළදී රෝහලේ… සිංගප්පූරු ගෙනියන්න සූදානම්!

colombotoday