Colombo Today Local News

සේයා ඝාතනය කළේ කොණ්ඩයාගේ අයියාමයි, ප්‍රබල සාක්ෂි ලැබුණු බව පොලීසිය කියයි.

seyaමහත් ආන්දෝලනයට තුඩුදුන් කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය කෲර අන්දමින් ඝාතනය කරනු ලැබුවේ කොණ්‌ඩයාගේ සොහොයුරා වන සමන් ජයලත් නමැත්තා බවට තහවුරු වන ප්‍රබල සාක්‍ෂියක්‌ ලැබී ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

සමන් ජයලත්ගේ ඩී. එන්. ඒ. වාර්තාව සහ සේයා දැරියගේ පියාගේ  ඩී. එන්. ඒ. වාර්තාව මිනුවන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සේයා දැරියට අතවර කර ඇයට කෲර වධහිංසා පමුණුවා ඝාතනය කර එහි වරද තම සොහොයුරා වන කොණ්‌ඩයා පිට පවරා සමන් ජයලත් බේරී යැමට උත්සහ කළ බව මේ වන විට අනාවරණය වී ඇත.

විවිධ අපරාධ සම්බන්ධයෙන් සමන් ජයලත් නමැත්තා වසර 6 කට ආසන්න කාලයක්‌ බන්ධනාගාර ගතව සිටි අයෙකි. මොහු සේයා ඝාතනය සිය සොහොයුරා පිට පවරා පොලිසිය ද නොමග යවා තිබූ බවද හෙළිවී තිබේ.

සේයා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම අත්අඩංගුවට ගනු ලැබුවේ කොණ්‌ඩයාගේ සොහොයුරා වන සමන් ජයලත්ය.එහිදී ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත කොණ්‌ඩයා ද අත්අඩංගුවට ගෙන තිබිණි.

එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යද්දී සේයා ඝාතනයට සමන් ජයලත්ගේ සම්බන්ධතාවක්‌ තිබෙන බවට සැක පහළ විය.සමන් ජයලත් ඩී. එන්. ඒ. පරීක්‍ෂණයක්‌ සඳහා ඉදිරිපත් කළේ ඉන් පසුවය.

Related posts

තානාපතිට පහරදීම සම්බන්ධයෙන් රජය මැලේසියාවෙන් කරුණු විමසයි !

colombotoday

අවශ්‍ය වරප්‍රසාද පමණක් ගන්නවා මාලිමා නවක මංත්‍රිනී

Admin

දේශීය කිරි ගොවියා නංවන ජනපතිගේ කතා සුස්සක් වෙයි.. බහුජාතික සමාගම් විෂ කිරි පොවා රටම ලෙඩ කරයි !

colombotoday

රතන හිමිට හෙළ උරුමයේ හිටපු නායක හිමියන්ගෙන් අභියෝගයක් ! (Video)

colombotoday

කෑගල්ල දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරිනීතීය පනවන්නැයි ඉල්ලීමක්

colombotoday

දෙදරු මව මරා සිරුරේ කොටස් පෝර මල්ලක දැමූ පුද්ගලයෙක් රිමාන්ඩ්

colombotoday