Colombo Today Local News

සේනා ආක්‍රමණය පිටුපස ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගම…

සේනා නම් වු පලිබෝධ වසංගතයට ඔරොත්තු දිය හැකි එකම බීජ ප්‍රභේදය නිපදවන්නේ මොන්සැන්ටෝ සමාගම පමණක් වන නිසා මොන්සැන්ටෝ බීජ සමාගම සේනා වසංගතය පිටුපස ඇති බවට සැක පළ කරන බව සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පක්ෂයේ ප්‍ර‍ධාන ලේකම් තුසිත බාලසූරිය මහතා පවසයි.

සේනා දළඹුවන් තුරන් කිරීමට කිසිදු සාර්ථක විසදුමක් ඉදිරිපත් වී නොමැති නිසා මොන්සැන්ටෝ බීජ ඒකාධිකාරයට යටත් වීමට ගොවීන්ට සිදුව ඇතැයි පැවසේ.

ලංකාවේ අත්හදා බලා ඇති අළු යෙදීම වැනි ස්වභාවික විකල්ප විශාල වගාවකට නොගැලපෙන බව ගොවීන්ගේ අදහසයි.

ඊට අමතරව දේශීය ක්‍ර‍මවලට නිපදවන පලිබෝධනාශකයන් නිෂ්පාදනයට හා ගොවිතැනට යෙදීමට වැයවන අධික පිරිවැය හේතුවෙන් මොන්සැන්ටෝ සමාගම ගොවීන්ගේ එකම ගැලවුම්කරුවා බවට පත්වී ඇත.

සේනා දළඹුවන් ව්‍යාප්තියට වසවිස නැති ගොවිතැන දිරිමත් කිරීම හේතුවක් වී ඇතැයි කෘමිනාශක සමාගම් හා එම සමාගම්වල පහස ලබන දේශපාලකයන් විසින් ඉදිරිපත් කරන තර්කයට පදනමක් නැතත් එමගින් වසවිස නැති ගොවිතැන අධෛර්්‍යමත් වනු ඇති බව ඒ මහතා සදහන් කරයි.

“මුලින් දුම්කොළ වගාවට යොදන අධික සැර කෘමිනාශක යොදා සේනා මැඩිය හැකි බවට රාවයක් පැතිර ගියේයග එය ගොවීන් මුලාකිරීමක් බව ඔප්පු කරමින් සේනා වසංගතය දුම්කොළ වගාවද ආක්‍රමණය කළ අතර එහි වාසියත් කෘමිනාශක සමාගම් හිමි කර ගත්තේය.අවසාන වශයෙන් සිදුවීමට නියමිත ලෝකය පුරාම වසවිස නැති ගොවිතැනට වින කරන අන්තර්ජාතික බීජ මාෆියාව හා පලිබෝධනාශක නිෂ්පාදන සමාගම් මාෆියාව ලංකාව ආක්‍රමණය කිරීමයිග ජාන වෙනස් කළ බීජ හා අධික විස සහිත කෘමිනාශක භාවිතයට අකමැති ගොවීන්ට තවදුරටත් පාඩු සිදුවිය හැකියග එය ආහාර අර්බුදයක් වීමේ අවධානමක්ද පවතීග ඊට අපගේ විසදුම වසවිස නැති ගොවිතැනට විකල්ප යොදා අතිරික්තයක් දක්වා නිෂ්පාදනය වර්ධනය කිරීම” යැයි තුසිත බාලසූරිය මහතා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

තේ අරමුදලේ කෝටි 987ක වියදම් ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය

Admin

“2020 ජනපතිවරණයට එනේනේ ගෝඨාභයනම් ඉන්දියානු ජනතාවත් ඔහුට සහය දිය යුතුයි” – ඉන්දීය හිටපු අමාත්‍ය සුබ්‍රමනියම් ස්වාමි

colombotoday

උද්ධමනය 40% ඉක්මවීමේ අවධානමක. මහ බැංකුව පසුගිය සති දෙකේදී බිලියන 104ක් අච්චු ගහලා

colombotoday

හොර අධ්‍යාපන ආයතනයක් පවත්වා ඩිප්ලෝමා සහතික දුන් කාන්තාවක් අත්අඩංගුවට

Admin

සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් උසස් පෙළ අදින් ඇරඹේ

colombotoday

කොළඹ පාසල් තුනක සිසුන් මරා ගනිති.. හයක් රෝහලේ, 15ක් කූඩුවේ !!

colombotoday