Colombo Today Local News

සුසිල් ප්‍රේමජයන්ත , නිමල් සිරිපාල , අනුර ප්‍රියදර්ශන ආණ්ඩුවෙන් ඉවත් වෙයි..? ජාතික ආණ්ඩුව අදින් ඉවරයි !

ජාතික ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම ජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිසක් අද සවස ආණ්ඩුවෙන් ඉවත් වෙන බවත් ඉන් අනතුරුව යහපාලන ආණ්ඩුව අවසන් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

පසුගිය මැතිවරණයේ අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ ලක්ෂ 30ක් බවත් ශ්‍රී ලංකාවේ ජාතීන් අතර ගැටුම් ඇති කිරීමේ ඉතිහාසයක් එක්සත් ජාතික පක්ෂයට තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළා.

“මෛත්‍රීපාල සිරිසේන මහතා අපේ ආණ්ඩුව පාවාදීලා බලයට ආවට පස්සේ රටේ සම්පත් විකුණන්න කටයුතු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද හවසට අපිත් එක්ක එකතු වුණාම ජාතික ආණ්ඩුවක් නෑ. අවවාදයට වඩා ආදර්ශය උතුම් යන කියමනක් තිබෙනවා. අගමැතිතුමා ඉල්ලා අස්වෙන්න.” යනුවෙන් ඒ මහතා කියා සිටියා.

Related posts

ද.මු දසනායක ඝාතන නඩුවෙන් සැකකරු නිදොස් කොට නිදහස්

colombotoday

නව ත්‍රස්‌ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කරන්න, ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලයි

colombotoday

මාසිකව ගෑස් මිල සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday

“බීමත්ව දිය නාන්න එපා” උපදේශයට පොහොට්ටු මන්ත්‍රීට තඩිබායි

colombotoday

රාජ්‍ය ඇමති හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කරයි…

colombotoday

අලුත් ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි – මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න

colombotoday