Colombo Today Local News

සීෂෙල්ස් හිදී ශ්‍රී ලාංකික ධිවරයින් 07දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධි ලෙස ධිවර කටයුතුවල නිරතවීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධිවරයින් 07 දෙනෙකු සීෂෙල්ස් හිදී රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගිය මස 17 වන දින මෙම ධීවරයින් පිරිස බහුදින ධිවර යාත්‍රාවකින් නීතිවිරෝධි ලෙස සීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වී ඇති බව වාර්තා වේ.

අදාළ ධීවරයින් පිරිස ධිවර යාත්‍රාව තුළ ම දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කිරිමෙන් අනතුරුව එරට අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

එහිදී ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් ධිවර යාත්‍රාවේ තිබී මෝර මාළු මෙක්ට්‍රික් ටොන් 07කට ආසන්න සංඛ්‍යාවක් සොයාගෙන ඇති බව සඳහන්ය.

අදාළ ධීවර යාත්‍රාව බේරුවල ප්‍රදේශයේ සිට ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය “සම්පත් 05” යාත්‍රාව බවට මේ වන විට හඳුනාගෙන ඇති බව ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සීෂෙල්ස් රාජ්‍ය විසින් අත්අඩංගුවට ගෙන ඇති ධීවරයින් සහ යාත්‍රාව මුදාගැනිම සඳහා රාජ්‍යත්‍රාන්ත්‍රික මට්ටමින් මැදිහත්වීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

යලිත් දිවයින පුරා ඇඳිරිනීතිය

colombotoday

මඩකලපුව, කාත්තාන්කුඩි නිවාස දෙකකින් පුපුරණ ද්‍රව්‍ය, බෝම්බ අත්අඩංගුවට

colombotoday

නිරෝධායන නීතී උල්ලංඝනය කල ආයතන 1050කට නඩු.

colombotoday

වෙළෙඳ ඇමති ඩුබායි යයි

colombotoday

නිහඬ කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ නීති කඩවීම් 2566ක්

colombotoday

කැබිනට් සංශෝධනයට නිහඬ විරෝධයක් : ප්‍රබල අමාත්‍යවරු කිහිප දෙනෙක් විදේශ ගතවෙති

colombotoday