Colombo Today Local News

සිසුන් මත් කරන පානයක් ඇමැති අනුහසින් කරළියට – තත්ත්ව සහතිකය දීමට සුරාබදු පස්ස ගහයි

රජයේ ප‍්‍රබල අමාත්‍යවරයකුගේ ආධාර උපකාර ඇතිව එක්තරා සමාගමක් විසින් පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මද්‍යසාර අඩංගු පානයක් නිෂ්පාදනය කර ඇත.

සියයට 4 ක මද්‍යසාර ප්‍රමාණයක්‌ අඩංගු මෙම නිෂ්පාදනය සඳහා පසුගිය රජය සමයේ බලපත්‍ර ලබා නොදුන් නමුත් වත්මන් රජයේ ප්‍රබල දේශපාලන බලපෑම මත සුරාබදු දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදීමට තීරණය කර තිබේ.

නිල්, තැඹිලි, කහ, රතු වර්ණයෙන් නිෂ්පාදනය කර ඇති මෙම පානය රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන වෙළෙඳපොළට නිකුත් කිරීමට දැඩි උත්සහයක්‌ පවතින බව සුරාබදු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට වෙළෙඳ පොළේ සැර මද්‍යසාර ප්‍රමාණය සියයට 4.5 සිට ඉහළට බියර් වර්ග පවතින අතර නව බීම වර්ගය අඩංගු බෝතල් කිහිපයක්‌ පානය කළහොත් කෙනෙකු අධික මත්ගතියට පත්වන බව ආරංචි මාර්ග කියයි.

මෙම නව නිෂ්පාදනය හොරණ මොරගහහේන කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කර මිලි ලීටර් 100 බැගින් වූ බෝතල්වල අසුරා තත්ත්ව සහතිකය ලබාගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවට ලබාදී ඇතැයිද එම ආරංචි මාර්ග අවධාරණය කර සිටී.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් තත්ත්ව සහතික ලබාගැනීම සඳහා මෙම නිෂ්පාදන සාම්පල් රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත යෑවීමට නියමිතව ඇතත් මින් සමාජයට ඇතිවිය හැකි අහිතකර බලපෑම ගැන අවබෝධයක්‌ තිබෙන සුරාබදු නිලධාරීන් කිහිපදෙනකු මෙම පාපකර්මයට කර ගැසීමට තමන්ට බැරි බව පවසමින් කල්මරමින් සිටින බවද පැවසේ.

divaina

Related posts

ගත්පියවර ආපස්සට ගන්නේ නැහැ… රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට පත් කරනවා…

colombotoday

සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වීම ගැන දැඩිව විමර්ශනය කරන්නැයි, බැසිල්ගෙන් උපදෙස්

colombotoday

මහින්දානන්ද, නලීන් – ඊළඟට ජොනී?

Admin

සැවොම ජනපතිට ආයුබෝවන් කියද්දී පාඨලී අත් පිටුපසට බැඳ ගනියි

colombotoday

මහාචාර්යය ප්‍රතිභා මහානාමහේවා මහතාට දෙහිවලදී තර්ජන

colombotoday

PHIලාගේ වර්ජනයට PHFOද සහයට

colombotoday