Colombo Today Local News

සිවුරු තොගයක් සමග මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට…

බලපිටිය රේවත පාරේ නිවසක සැක සහිත ලෙස ගබඩා කර තිබූ සිවුරු සහ පාත‍්‍ර තොගයක් ඊයේ රාති‍්‍ර කළ සෝදිසියකදී සොයා ගැණුනා. යුද හමුදාව, නාවික හමුදාව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්වයි මෙම සෝදිසිය සිදු කෙරුණේ. සිවුරු පොහොර උර 5 ක සගවා තබා තිබුණා. 

පාත‍්‍ර 105ක් ද එහි තිබී සොයා ගැණුනු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. මෙම නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනෙකුද සැකපිට අත්අඩංගුවට ගැණුනා. ඔවුන්ගෙන් එක් අයෙකු මොහොමඞ් නිලාම් මොහොමඞ් රියාස් නමැත්තෙක්. අනෙක් පුද්ගලයා මොහොමඞ් මන්සූර් මොහොමඞ් රිස්ලාන් නමැත්තෙකු ලෙස හදුනාගෙන තිබෙනවා. 

මෙම සෝදිසියේදී තවත් පුද්ගලයෙකු මන්නයක් සමග අත්අඩංගුවට ගැණුනු බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ. ඔහු සමිත් ඞීන් හෙවත් ‘‘බබා’’ නමැත්තෙකු ලෙස හදුනාගෙන තිබෙනවා. 

Related posts

මාතර පාලටුව ගුණරතන මාධ්‍යමහා විධයාලයේ විදුහල්පතිට එරෙහිව උද්ඝෝෂණයක්

colombotoday

විශ්වාසභංග ජයෙන් පසු සිරස ප්‍රධාන කාර්යාලය වටලා පහරදෙති..

colombotoday

ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික

colombotoday

එජාපයට චෝදනා කිරීමෙන් පලක් නෑ.. ජනපති වහා ඉල්ලා අස්විය යුතුයි – ජවිපෙ කියයි

colombotoday

සංචාරක හොටල් සහ අවන්හල් වලට මත්පැන් බලපත්‍ර ලබාදීම ගැන තීරණයක්

Admin

මිල වැඩි නොකළොත් තෙල් දෙන්නේ අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි – ඛනිජ තෙල් සංස්ථාව කියයි

colombotoday