Colombo Today Local News

සිරකරුවන් හමුවීමේ ක්‍රමවේදය යථාවත් කිරීමට සූදානමක්

පිටස්තර පුද්ගලයින්ට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් හමුවීම සඳහා ඇති ක්‍රමවේදය යථාවත් කිරීමට කටයුතු කරමින් ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ආරක්ෂක අමාත්‍යංශයේ දී අද (16) පැවති මධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

බන්ධනාගාරගතව සිටින සිරකරුවෙක් හමුවීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය යතාවත් කර එය බන්ධනාගාර ආඥා පනතට රෙගුලාසියක් ලෙස එක් කරන බව ඔහු පැවසීය.

මෙම නව රෙගුලාසිය මගින් සිරකරුවන්ගේ සහ සැකකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන බවත් එමගින් නැරඹුම්වලදී නිතීවිරෝධී ක්‍රියා සිදු නොවීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

කූට ලේඛණ සකසා මුදල් වංචා කළ දෙදෙනෙක් මාට්ටු !

colombotoday

ගාල්ලේ කොවිඩ් මළ සිරුර ආදාහනය කරයි

colombotoday

දුම්රිය රියදුරන්ගේ වර්ජනය තාවකාලිකව අත්හරී…

colombotoday

අපි බංකොලොත් රටක් ලෙස නම්වෙලා ඉවරයි… පරිභෝජනය සියයට 25කින් හකුලා ගත යුතුයි

colombotoday

2020ට පසු වැඩිම සංචාරකයින් පෙබරවාරියේදී

Admin

ජනතාව බදු බරින් මිරිකෙද්දී අගමැතිට කාර් දෙකක් ගන්න කෝටි 60ක් අරන්

colombotoday