සැහැල්ලු වාහන රියදුරු පත් ලබාගැනීම සඳහා ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් බවත් පූර්ණ වෛද්‍ය පරීක්ෂණය බර වාහන රියදුරු බලපත්‍ර සඳහා සීමා කරන ලෙසත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මගී ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ අද (31දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කළේය.
සැහැල්ලු වාහන සඳහා ඇස් පරීක්ෂාව රෝහල් මට්ටමින් ලබාදීම පිළිබඳව සොයා බැලිමටද මෙහිදී තීරණය කෙරිණි.