Colombo Today Local News

සහරාන්ගේ දියණිය බිරිඳගේ දෙමාපියන් භාරයට

කොළඹ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගත් ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායකයා බව කියන මොහොමඩ් සහ්රාන් නැමැති ත්‍රස්තවාදියාගේ අවුරුදු 4ක් වන දියණිය සීයාට හා ආච්චිට භාරදීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (02) නියම කළේය.

මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ඇති සහ්රන් නැමැති ත්‍රස්තවාදියාගේ අවුරුදු 4ක් වන දියණිය සුදුසු භාරකාරත්වයකට යොමු කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට ඉහතදී අධිකරණයට කරුණු වාර්තා කළේය.

 ඒ අනුව සහ්රාන්ගේ බිරිඳගේ දෙමාපියන්ගේ භාරයට දරුවන් පත්කළ අධිකරණය අධිකරණයේ අවසරයකින් තොරව දරුවාගේ භාරකාරත්වය වෙනත් පාර්ශ්වයකට පැවැරිමට නොහැකි බවද නියම කළේය.

Related posts

ලේ වැකි අනාගතයක් කරා යන්න පුළුවන් තැනකට රට තල්ලු වෙමින් තියෙන්නේ…

colombotoday

කිලිනොච්චියේ පාසලුත් වැසෙයි

colombotoday

වසරක් තුළ මෙරට ආහාර උද්ධමනය දස ගුණයකින් ඉහළට

colombotoday

විශ්වාසභංගය ගැන ජනපති-අගමැති එකඟතාවයක් නෑ – මාධ්‍ය වාර්තා ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

colombotoday

මහින්ද සමරසිංහගේ ශ්‍රීනිප සාමාජිකත්වය ද කළුතර දිස්ත්‍රික් සංවිධායක ධුරයද අහෝසි කරයි

colombotoday

මධූෂ්ගේ අවසන් ඔත්තුව

colombotoday