Colombo Today Local News

සමාජ ජාල කැළඹූ ‘සිංහරාජ පාර’ බලන්න ජනපති යයි

ආන්දෝලනයට තුඩුදී තිබෙන සිංහරාජ වනාන්තරය හරහා ඉදිකෙරෙන ලංකාගම – නෙළුව මාර්ගය පෞද්ගලිකව නිරීක්ෂණය කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් කර ගෙන සිටින බවට අද (27)දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය වුවා.

සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කීයා සිටියේ මෙම මාර්ගය ඉදිකිරීමේදී සිංහරාජ වනාන්තරය ආශ්‍රිත පරිසර පද්ධතියට යම් හානියක් සිදුවනවාද යන්න සම්බන්ධයෙන් වාර්තාවන් ලාබා දෙන ලෙස ජනාධිපතිතුමා විසින් පරිසර අමාත්‍යාංශයෙන් වාර්තාවක්ද කැඳවා ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ මෙහිදී සඳහන් කළා.

එම වාර්තාවන් ලැබෙන තෙක් ජනාධිපතිතුමා විසින් සිංහරාජ වනාන්තරය හරහා ඉදිකෙරෙන මාර්ගයේ ඉදිකිරිම් කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා.

මෙම සිද්ධියට අදාළ ඡායාරූප සමාජ මාධ්‍ය ජාල හරහා සංසරණය වීමත් සමග ඒ පිළිබඳ ජනතාව අතර දැඩි කතාබහක් මතුව තිබුණා.

Related posts

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට !

colombotoday

සහල් ආනයනකරුවන්ගෙන් රතු එළියක්

Admin

වෙඩි තැබීමකට වනජිවි නියාමකවරුන් දෙදෙනක් අත්අඩංගුවට

colombotoday

දිනක් තුල කොරෝනා අසාදිතයින් 28000 ක් ඉන්දියාවෙන්.

colombotoday

PHIට බාධා කරමින් අසභ්‍ය වචනවලින් බැනවැදුනු තිදෙනෙකුට වුන දේ..

colombotoday

කොත්තු මිල පහළට

Admin