Colombo Today Local News

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට විරුද්ධව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළ​හොත් අපේක්ෂක ලේඛනයම අහෝසියි

එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරය වෙනස් කර සමගි ජන බලවේගයේ සලකුණ ලෙස දුරකථනය භාවිත කිරීමට කටයුතු කරන්නේ නම් මහ මැතිවරණයට සහ​යෝගය ලබාදෙන බව සජිත් පාර්ශ්වය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ඊයේ (3වැනිදා) පස්වරුවේ දැනුම් දී ඇත.

කථානායක කරු ජයසූරිය එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂක ධුරයට පත්කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එකඟතාවය පළකිරීම සම්බන්ධයෙන් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

හිටපු විපක්ෂ නායකවරයා සමග මෙම සාකච්ඡාවට එක්ව සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දොස්තර රාජිත සේනාරත්න සහ නවීන් දිසානායකයි.

සජිත් පාර්ශ්වයේ යෝජනාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කර ඇත.

මේ පිළිබඳ අවසන් තීරණය අද (4 වැනිදා) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ලබාගන්නා බව පක්ෂ නායකත්වය ප්‍රකාශ කර ඇත.

අවශ්‍ය වුවහොත් ඡන්ද විමසීමක් පවත්වන බවත්, තමන් මහ මැතිවරණයට ‘අලියා’ ලකුණෙන් ඉදිරිපත් විය යුතු බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරු කැඳවා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (3 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි.

එහිදී පක්ෂ නායකත්වය පෙන්වා දී ඇත්තේ සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව සන්ධානයක ව්‍යවස්ථාවක් නොවන බවයි. එය අපේ ජාතික පෙරමුණ පක්ෂයේ ව්‍යවස්ථාව බවත් මෙහිදී පෙන්වා දී ඇත.

එම නිසා ව්‍යවස්ථාව පිළිබඳ නීතිමය ගැටලුවක් පවතින බව පක්ෂ නායකත්වය සඳහන් කර තිබේ. කිසියම් පුද්ගලයකු ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළ​හොත් අපේක්ෂක ලේඛනයම අහෝසි බව රනිල් වික්‍රමසිංහ මෙහිදී අවධාරණය කර ඇත.

Aruna

Related posts

නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් බාරගන්නේ නෑ – හිටපු අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

colombotoday

VAT නැවතත් උසාවි යයි.. තීන්දුව දෙන තුරු පනත සම්මත කරනු බෑ !

colombotoday

හමුදාව පාවාදුන් හමුදා ලොක්‌කෙක්‌ යහපාලනයෙන් යළි සේවයේ පිහිටුවයි!

colombotoday

දවල්ට මෛත්‍රී එක්ක.. රෑට මහින්ද එක්ක, ඩීල් දමන ඇමතිවරයෙක් ගැන හෙළිකරයි

colombotoday

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස අසල සම්බාහන මධ්‍යස්ථාන 42ක්

Admin

“ගම්මන්පිල හිරකරේ චම්පිකගෙ උවමනාවට.. චම්පික ඉන්නේ වෛරයෙන්” වාසු

colombotoday