Colombo Today Local News

සජිත් පරාජය කළේ අපේම පිරිසක්… තවත් අගමැතිකම් කරන්න රනිල්ට සදාචාරාත්මක අයිතියක් නෑ – එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂයේ තනතුරු හොබවන ඓතිහාසික පාවාදෙන්නන් පිරිසක් විසින් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත් කළ බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා අද (19දා) පැවසීය.

පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන්වීමට පෙර මහමැතිවරණයක් පැවැත්විය යුතුයැයි අදහස් ප්‍රකාශ කරනුයේ එම පාවාදෙන්නන් බවද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා පරාජයවනු දැක පක්ෂයේ තනතුරුවල රැඳීසිටීමට උත්සහ කරන මෙම පිරිස හදිසි මහමැතිවරණයකදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට ජයග්‍රහණය බන්දේසියක දමා ප්‍රදානය කිරීමට කටයුතු කරගෙන යන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයේදී ප්‍රමාණවත් අරමුදල් නොලැබුණු බවත්,වෙන්කළ අරමුදල්වලට සිදුවූයේ කුමක්දැයි සෙවිය යුතු බවත් හෙතෙම කීය.

 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු ඇමති මණ්ඩලයට තවදුරටත් එම ධූර දැරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත්,ආණ්ඩුවේ සිට විපක්ෂයේ අසුන් ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය නොවන බවත් නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා නිලධාරි මණ්ඩලය වෙනස් කර නව නිලධාරි මණ්ඩලයක් හා සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්නොකළහොත් තමන් එජාප බිංගිරිය ආසන සංවිධායකධූරයෙන් ඉවත්ව වෙනත් දේශපාලන වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනයන බවද ඒ මහතා සඳහන් කළේය.

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කීය.

Related posts

ඉතිහාසයේ දිනක් තුළ විශාලතම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය හෙට

Admin

ජනපති නතරකළ ටැබ් ව්‍යාපෘතිය නැවතත් සූදානම්…

colombotoday

අටුළුගම සංචරණ සීමා ඉවතට

colombotoday

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති සහ මහජන ආරක්ෂක ඇමැති අතර හමුවක්

colombotoday

කජු සංස්ථාවෙන් කජු පුහුලන් වයින් හදයි

colombotoday

“සියළු බලතල අපට ඕන” විග්නේෂ්වරන් ජනපති නියෝජිතයාගේ මූණටම කියයි

colombotoday