Colombo Today Local News

ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා වන ජවිපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂක ඊබ්‍රහිම් හාජ්ජියාර් යලි රිමාන්ඩ්

පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අහමඩ් නමැත්තාගේ පියා වන ඊබ්‍රහිම් හාජියාර් නැමැති ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයා ඇතුළු සැකකරුවන් හය දෙනකු ලබන 14 වන දා තෙක් යළි රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අදාළ බෝම්බකරුගේ පියා වන මොහොමඩ් හයාතු මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු සැකකරුවන් හය දෙනෙකු (31) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කළ බව අප වාර්තාකරු පවසයි.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු කරමින් පවතින බවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස මෙහිදී පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත්ළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් සැකරුවන් ලබන 14 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ, මහවිල උද්‍යානයේ පදිංචි ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් හයාතු මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු මෙම සැකකරුවන් හය දෙනෙකු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

වැලිමඩ, බෝගහකුඹුර ජුම්මා පල්ලියේ භූගත කාමරයකින් කඩු, කිණිසි, පොරෝ ඇතුළු අවි ආයුධ තොගයක් එළියට…

colombotoday

රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාසයට

colombotoday

තියුණු ආයුධවලින් පහරදී අඹු – සැමි යුවළක් මරා දාලා

colombotoday

කඩිනමින් එන්නත් ක්‍රියාවලිය සිදු කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

colombotoday

මහින්දානන්ද මරා දැමීමට රංජන්-රනිල් කල කුමන්ත්‍රණයක හඩ පට එළියට… උපදෙස් පොලිස්පතිගෙන් !

colombotoday

බැසිල් හිටියනම් තෙල් මිල වැඩිවෙන්නෙ නෑ

colombotoday