Colombo Today Local News

ශ්‍රී ලංකා පොලිසියේ ස්ථාන මාරුවීම් ගැන ඇමරිකා, ඕස්ට්‍රේලියා තානාපතීන්ගෙන් බලපෑම්…

රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා හදිසියේම මීගමු පොලිස් කොට්ඨාසයට ස්ථාන මාරු කිරීම ගැන ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනියත් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාත් ආරක්ෂක ලේකම්වරයාගෙන් කරුණු විමසා ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග කියයි.

මේ සඳහා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මුණගැසීමට කොළඹ සිටින ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතා ආරක්ෂක අමාත්‍යංශයට පැමිණි අතර ඇමෙරිකානු තානාපතිනිය දුරකතනයෙන් කරුණු විමසූ බව තානාපති අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

මෙය පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයකුගේ ස්ථාන මාරුවක් බව කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කර ඇති ආරක්ෂක ලේකම්වරයා අදාළ මාරුවීම අත්හිටුවා කරුණු විමසා බැලීමට තීරණය කළේය. ඒ අනුව පොලිස්පතිවරයාට ආරක්ෂක ලේකම්වරයා දුන් නියෝගය අනුව නිශාන්ත ද සිල්වා මහතාගේ මාරුවීම අත්හිටවිණි

දේශය

Related posts

විදුලි මාෆියාව ක්‍රියාත්මක කරන්නේ දියවන්නාවෙන්. වගකීමෙන් කියනවා – ඩලස්

colombotoday

දස හැවිරිදි දරුවෙක් වැසිකිළියේදී සියදිවි නසා ගෙන

Admin

දුම් බද්දෙන් ත්‍රී රෝද රථ/යතුරුපැදි නිදහස්

colombotoday

කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday

වෛද්‍ය සභා නිලවරණයේදී වෛද්‍යවරු ගැටෙති.. ගුටි ඇණගෙන කලිසම් ඉරාගනී

colombotoday

සුදුසුකම් නැති පළාත් පාලන කොමසාරිස්වරුන් පන්නයි.

Admin