Colombo Today Local News

ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දියානු ධීවරයකු වෙඩි තබා මරා දැමුවැයි රාමේශ්වරම්හීදී උද්ඝෝෂණ

කච්චතිව් දූපත ආසන්නයේදී ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් වයස අවුරුදු 22ක තමිල්නාඩු ධීවරයකු මරණයට පත්වූවායැයි චෝදනා කරමින් රාමේශ්වරම් වෙරළට රැස්වූ ඉන්දියානු ධීවරයන් පිරිසක් ඊයේ (7) විරෝධතාවයක නියෙලුනා.

මේ පිලිබදව විශේෂ පරීක්ෂණයක් පවත්වන බවට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දියානු රජයට පොරොන්දු වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර සිටින අතර වෙඩි තැබීම සදහා නාවික හමුදා නිලධාරීන්ට කිසිදු බලයක් නොමැති බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කල බවයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.

කාලයක පටන් ඉන්දියානු ධීවරයන් ශ්‍රී ලංකා උතුරු මුහුදේ නීතිවිරෝදී ලෙස මසුන් මැරීම සිදු කරන අතර 300ට ආසන්න ඉන්දියානු ධීවරයින් පිරිසක් මේ වන විට ශ්‍රී ලංකා ආරක්ෂක අංශයන්හී අත්අඩංගුවේ පසුවෙනවා.

Related posts

රාජ්‍ය ආයතන හිතවතුන්ගෙන් පුරවන යුගය අවසන් කළා !

colombotoday

පාතාල සාමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

සිංහරාජය ගැන මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි

colombotoday

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කපන්නේ නැහැ… – මුදල් අමාත්‍යංශ ලේකම් කියයි

colombotoday

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

colombotoday

“බැදුම්කර පත්තරේ“ අච්චු ගැසීම නවතා දමයි.. සේවකයන්ට පඩිත් නෑ…

colombotoday