Colombo Today Local Newsfeatured

ශ්‍රි පාද පත්මය පිහිටුවා වසර 2600ක්

ශ්‍රි පාද පත්මය පිහිටුවා වසර 2600 ක් සපිරිම නිමිත්තෙන් මෙවර  ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ වන උදුවප් පොහෝ දිනයේ ශ්‍රිපාද මළුවේ විශේෂ පින්කම් රුසක් සිදු කරන බව පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ පවසනවා.

මේ මස 20 දින අලුයම ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජ මහ විහාරස්ථානයේ ශ්‍රි සුමන සමන් දේවාලය විවෘත කොට එදින පස්වරු 6 සිට පසුදා පහන් වන තුරු සධාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ වලට චාරිත්‍ර විධි පවත්වා බැතිමතුන්ට පුජා වන්දනා අවස්තාව ලබාදෙන බවයි ශ්‍රිපාදස්ථානාධිපති හිමියන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ.

මේ මස 21 වෙනි දින පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට සර්වඥ ධාතු සහිත කරඩුව සහිත සමන් දේව ප්‍රතිමාව රැගත් රිය පෙරහැර රත්නපුර රජමාවත ඔස්සේත්, රත්නපුර අවිස්සාවේල්ල යටියන්තොට හැටන් මාර්ගය ඔස්සේත් පැල්මඩුල්ල බලංගොඩ බගවන්තලාව මස්කෙලිය මාර්ගය ඔස්සේත් ශ්‍රිපාද උඩු මළුව දක්වා වැඩම කර උදුවප් පොහො දිනයෙන් ශ්‍රිපාද වන්දනා වාරය ආරම්භ කරන බවයි ශ්‍රි පාදස්ථාධිපති හිමියන් මෙම නිවේදනයෙන් සඳහන් කර ඇත්තේ.

බෞද්ධ සිරිත් අනුගමනය කරමින් පරිසර හිතකාමි ලෙස ශ්‍රි පාද වන්දනාව සිදු කරන ලෙස ශ්‍රිපාදස්ථානාධිපති හිමියන් සියළුම ශ්‍රි පාද වන්දනාකරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

Related posts

අභාවප්‍රාප්ත ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරාගේ අවසන් කටයුතු ජූනි 3 වන දා සිදු කෙරේ

colombotoday

පොහොර මිටිය 350ට දියව් ! ගොවීන් ඇමති දුමින්දගේ නිවස වටලා උද්ඝෝෂණයේ

colombotoday

දිවයිනේ සියලු කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට රජයේ අවධානය

colombotoday

භූත බියකින් යාපනය තැතිගනී.. එකම පවුල් දාමයක 09ක් හදිසියේ මියගිහින්.. අදත් ළමයෙක් මැරිළා !

colombotoday

කසළ තේ කිලෝ 5000ක් කසළ තේ බලකොටුවේදී අල්ලයි.

colombotoday

රනිල්ගේ නිවස ඉදිරිපිටත් උද්ඝෝෂණ දෙකක්

colombotoday