Colombo Today Local News

විශේෂ ගුවන් යානයකින් නාවිකයන් පිරිසක් මත්තල සිට එංගලන්තයට

කොළඹ වරායේ නැංගුරම් ලා ඇති විදේශීය නැවක සේවය කළ කාර්යය මණ්ඩලයේ නාවිකයන් 57 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළේ සිට එංගලන්තය බලා අද (02) දින අලුයම පිටත්ව ගොස් ඇත.

වාමෝස් ගුවන් සේවයට අයත් ඊ.බී- 545 දරන මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළෙන් අද අලුයම 5.50 ට එංගලන්තයේ, ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ බලා පිටත්විය.

මෙම ගුවන් යානය තුළ ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස 15 දෙනෙකු සේවයේ යෙදී සිටින අතර, ගුවන් යානය ඊයේ (01)දින උදෑසන 10.20 ට රෝමයේ සිට කොළඹ වරායේ ඇති නැවක සේවය සඳහා නාවිකයන් 155 දෙනෙකු රැගෙන මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Related posts

නායයෑමකින් නිවසක් යටවෙයි. තිදෙනෙක් මරුට

colombotoday

30 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළ මෙහෙයුම් කටයුතු නෑ..

Admin

ශ්‍රී ලංකාව ලොව මිත්‍රශීලීම රටවල් 10 අතරට

colombotoday

ඥාණසාර හිමි මාණික්කමඩුවට.. අන්තවාදීන්ට යට වූ නිලධාරීන්ට සැරටම අමතයි (Video)

colombotoday

ජනපති ඇමරිකානු පුරවැසිභාවය 2019 අප්‍රේල් ඉවත් කරගෙන. ඇමරිකානු රජය නිවේදනය කරයි.

colombotoday

හොරා කෑ ධනය අල්ලන්න අලුත් වැඩක්

Admin