Colombo Today Local News

විශ්වවිද්‍යාල වසා තැබුණ ද සිසුන්ට මහපොළ ගෙවීම දිගටම

විශ්වවිද්‍යාල වසා තැබුණ ද දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද මඟින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරන බැවින්, නේවාසිකාගාර ගාස්තු, දුරකථන ගාස්තු වැනි වියදම් දැරිය යුතුව ඇති බැවින් මහපොළ ශිෂ්‍යත්වලාභීන් වෙත අදාළ ගෙවීම් සිදු කිරීමට රජය තීරණය කර තිබේ.

යෝග්‍ය පරිදි අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමෙන් අනතුරුව ගෙවීම් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද (11)දින පැවති මාධ්‍ය හමුවේදී පැවසිනි.

සමස්ත විශ්වවිද්‍යාල සිසු ප්‍රජාවෙන් 50%ක් එනම් සිසුන් 60,000කට ආසන්න සංඛ්‍යාවක් මහපොළ ශිෂ්‍යත්වලාභීන්ය.

එක් ශිෂ්‍යයෙකුට මාසිකව රුපියල් 5,000ක් බැගින් ලබා දෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 160ක මුදලක් මාසිකව වැය කරනු ලබයි.

එම මුදලින් 51%ක් මහපොළ අරමුදලින්ද ඉතිරි 49% මහා භාණ්ඩාගාරය විසින් ද දරනු ලබයි.

Related posts

දේශද්‍රෝහීන්ට මරණ බිය දැනෙයි !!

colombotoday

නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නායයෑමක්

Admin

පස් යට සැඟවුණු නිවැසියන්ගේ සිරුරු වැළලූණු තැනම නිසොල්මන්ව සිටි සුනඛයා

colombotoday

අම්ෆන් අද පස්වරුවේ දිවයිනෙන් එලියට

colombotoday

මිලියන 130ක කේරළ ගංජා සමග 10ක් අත්අඩංගුවට… ඉන්දීය ජාතිකයින් 05කුත් ඒ අතර

colombotoday

ජීනීවා දෙස බලා වීරත්වයට තොණ්ඩුව දමන සීඅයිඞීයේ කැකිල්ලේ න්‍යාය

colombotoday