Colombo Today Local News

විපක්ෂනායක ධුරය සදහා ද්වන්ධ සටන ඇරඹෙයි !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වීමත් සමග විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස පත්වීමට නියමිතව තිබේ.

එසේම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඉදිරි පාර්ලිමේන්තු සැසියේදී විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතය.

මේ අනුව විපක්ෂයේ වැඩිම ආසන සංඛ්‍යාව හිමි පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය  පත්වන අතර ඒ අනුව එම පක්ෂයෙන් විපක්ෂනායකවරයා පත්කර ගැනීමට නියමිතය.

විපක්ෂනායක තනතුර සඳහා ජනපතිවරණයේදී දෙවැනි ස්ථානයට පත්වූ සජිත් ප්‍රේමදාස මහතා පත්කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.

අද පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ විපක්ෂනායක තනතුර සඳහා සුදුසුම පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරින් ඉවත් වුවත් ඉදිරියේදී කුමනාකාරයෙන් කටයුතු කරන්නේද යන්න පිළිබඳව මේ දක්වාම ප්‍රකාශයට පත්කර නොමැත.

ඒ අනුව විපක්ෂනායක තනතුර වෙනුවෙන් ඉදිරි දින කිහිපය තුළ එක්සත් ජාතික පක්ෂය තුළ මතවාදයක් නිර්මාණය වෙනු ඇත.

නැවතත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 03 දාය. මේ අතර පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවද හෙට දිනයේදී රැස්වීමට නියමිතව තිබේ.

Related posts

දුෂිත ඇමතිවරු 4ක් දොට්ට – අමාත්‍යංශ බලය ජනපති යටතට ගැනීමට තීරණය කරයි

colombotoday

බෝට්ටුවෙන් ආ තවත් අනවසර සංක්‍රමණිකයන් පිරිසක් මෙරටට ඇතුල් වෙයි

colombotoday

එක එක්කෙනා කෑ ගහපු පලිඅයට පාස්කු වාර්තාව එළියට දාන්නේ නෑ

Admin

මිල්කෝ කර්මාන්ත ශාලාවේ මහා පරිමාණ ඩීසල් වංචාවක්… සේවකයින් අනිවාර්ය නිවාඩු යවයි

colombotoday

හමුදාවේ 56 දෙනෙක්‌ රට යන විට අත්අඩංගුවට ගන්න; කොටි ඩයස්‌පෝරාව යුරෝපා සංගමයෙන් ඉල්ලයි

colombotoday

අගමැති සුපුරුදු සුවෙන්

colombotoday