Colombo Today Local News

විදේශ වලදී උපයන මුදල් මෙරට ආයෝජනයේදී ශ්‍රී ලාංකිකයන්ට විශේෂ බදු සහන…

ස්වදේශිකයන් නිසි පරිදි උපයා විදේශයන්හි තැන්පත් කර ඇති මුදල් ශ්‍රී ලංකාවේ නිශ්චිත ව්‍යාපෘති තුළ ආයෝජනය කිරීම සඳහා අවස්ථාව ලබාදෙන බවත් ඉදිරි වසර පහ තුළදී එම මුදල් සියලු බදු වලින් නිදහස් කරන බවත් ජාත්‍ය්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

එසේම එම මුදල් උපයාගෙන ඇති ආකාරය ප්‍රශ්ණ නොකරන බවත් ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම ඩොලරයට සාපෙක්ෂව රුපියල අවප්‍රමාණය වීම වැළැක්විමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු අයවැයේදී එය රුපියල් 160ක් දක්වාත් දෙවැනි අයවැයේදී රුපියල් 140ක් දක්වාත් පහත දමන බව ඔහු ප්‍රකාශ කළේය.

Related posts

සුරා බදු බලපත්‍ර ගාස්තු ඉහළ දැම්මාට විරෝධයක්

Admin

ශ්‍රී ලංකා පාස්පෝට් එකත් බාල්දු වේ.. ආසියාවේ වටිනාකමක් නැතිම රටවල් අතරින් දෙවන තැනට

colombotoday

ඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංග විවාදය අද ඇරඹේ…

Admin

අපේ පැත්තේ හොරුන්ට ඡන්දේ දෙන්න එපා

Admin

මහජන ආරක්ෂක ඇමති සිංගප්පූරුවේ නිල සංචාරයක

Admin

“කරන්න බැරිනම් යන්න.” ජනපතිගෙන් පොලිස්පතිට අවවාද

colombotoday