විදේශ තානාපතිවරුන් හය දෙනකු මෙරට මැතිවරණ සහ දේශපාලන කටයුතු මෙන්ම ආරක්ෂක කටයුතුවලට සෘජුව මැදිහත්වන බවත් ඔවුන් තානාපති නීතිරීති මුළුමණින්ම උල්ලංඝනය කරන බවත් බුද්ධි අංශ සොයාගෙන ඇත.
ප්රංශය, ඔස්ටේ්රලියාව, ජර්මනිය, නෝර්වේ, බි්රතාන්ය සහ ඇමරිකාව යන රටවල තානාපතිවරු මෙලෙස මෙරට කටයුතුවලට මැදිහත් වෙති.
මොවුන් ගතවූ කාලයේදී දේශපාලන සිදුවීම් 60 කටද ආරක්ෂාවට අදාළ සිදුවීම් 71 කටද මැදිහත් වී ඇත.
මෙම තානාපතිවරුන්ගෙන් වැඩිවශයෙන්ම මෙරට කටයුතුවලට මැදිහත් වී ඇත්තේ ඇමරිකානු තානාපතිනි ඇලීනා ටෙප්ලිට්ස්ය.