Colombo Today Local News

විදෙස්ගත ශ්‍රමිකයන්ට තීරුබදු රහිත වාහනයක් සහ දායකත්ව විශ්‍රම වැටුපක් !

විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා තම රජයක් යටතේ නිවාස යෝජනා ක්‍රමයක් සහ දායකත්ව විශ්‍රාම වැටුපක් හඳුන්වාදීම මෙන්ම බදු සහන සහිත වාහනයක් ලබාගැනීමට හැකියාව ඇති කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට අධ්‍යයනය කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹ, ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (25දා) පැවැති විදෙස්ගත සේවක පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ අනුසංවිධාන ජාතික සම්මේලනය අමතමිනි.

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වීම්, වැටුප් අහිමි වීම් මෙන්ම නැවත ලංකාවට පැමිණීමේදී මුහුණපෑමට සිදුවන හිරිහැර සම්බන්ධයෙන්ද කටයුතු කිරීම සඳහා විශේෂ ක‍්‍රමවේදයක් තානාපති කාර්යාල මගින් යෙදීම අවශ්‍ය වන බවට එහිදී පැවසූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා, විදෙස් සේවය නිමවා පැමිණීමෙන් පසුව හෝ සේවයේ නිරතව සිටින අයට කිසියම් කි‍්‍රයාමාර්ගයක් මගින් ඉහත පහසුකම් සැපයීම තම ඉදිරි රජයක අරමුණ වන බවද පවසා සිටියේය.

Related posts

යහපාලන ඇමතිකමෙන් ඉවත්වූ පියංකර FCID යට !

colombotoday

දොම්පෙට කුණු එපා කියූ විරෝධතාකරුවන්ට පොලීසියෙක් කදුළු ගෑස්.. ජල ප්‍රහාර

colombotoday

විජේදාස-අලූත්ගමගේ ප්‍රකාශ කතානායක හෙළා දකි

Admin

ගෝඨාභය ආරක්ෂක ලේකම් කරන්න පුලුවන්නම් අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරාම මොකද – ෆොන්සේකා අසයි

colombotoday

නව මුදල් පනත අද සිට බලාත්මකයි

colombotoday

කොස්ලන්දේ අක්කර 8 ක ගංජා තවාන් මාට්ටු

colombotoday