වැලිකඩ බන්ධනාගාරවල දැනට රාජකාරියෙහි නිරත නිලධාරීන්ට සති දෙකක කාලයක් යනතුරු බන්ධනාගාරයෙන් පිටවීම තහනම් කර ඇති බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.
දැනට නිවෙස්වල සිටින නිලධාරීන් බන්ධනාගාරය තුළට ඒමද තහනම් කර තිබේ. පවතින කොරෝනා වෛරස තත්ත්වය පාලනය කිරීමට මෙම පියවර ගෙන ඇති බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කර සිටී.