Colombo Today Local News

වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ගැටෙයි.. නියාමකයෙක් රෝහලේ

වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයෙකුට එම බන්ධනාගාරයේ කොමසාරිස්වරයෙකු විසින් පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (28)දින රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන පිවිසුමේ රාජකාරී කටයුතුවල නිරතව සිටි අදාළ නියාමකවරයා සහ බන්ධනාගාර කොමසාරිස්වරයා අතර බහින්බස්වීමක් සිදුව ඇත.

පසුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් කොමසාරිස්වරයා විසින් නියාමකවරයාට පහරදී ඇති අතර ඔහු මේ වන විට ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන), චන්දන ඒකනායක මහතා සඳහන් කරයි.

පහරකෑමට ලක් වු නියාමකවරයාගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත්කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පියවර ගෙන තිබේ.

සිද්ධියට අදාළ බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් මේ වන විට ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වේ.

Related posts

පනත් 3කට සංශෝධන යෝජනා ගැසට් කෙරේ…

Admin

බණ්ඩි පොහොර තවත් සියයට 50කින් අඩු කරන්න කැබිනට් පත්‍රිකාවක්

Admin

නාමලේඛනය රැගෙන ඒමට ගිය සිසිවියට අත්වූ ඉරණම

Admin

නියෝමාල් මාධ්‍යවේදිගෙන් සමාව ඉල්ලයි

colombotoday

බදියුදීන්ගේ බිරිඳ, මාමණ්ඩි, මස්සිනා සහ තැරැව්කරුට ඇපදීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

කොටි ධේනුවක්වකගේ හිසට වෙඩි තබා ඝාතනය කරලා

colombotoday