Colombo Today Local News

වැලලෙන්න ඉල්ලා රිෂාඩ් බදුර්දීන් උසාවි යයි

කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් සහ ඔහුගේ පක්ෂයේ ( All Ceylon Makkal Congres) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සමෙන් සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබෙනවා.

කෝවිඩ් වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සදහන් කරමින් ඉකුත් අප්‍රේල් මස 11වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඊට අනුව මියගිය අයගෙ සිරුරු ආදාහනය කළ යුතු බව සදහන් වන බව පෙත්සම්කරුවන් පවසා සිටිනවා.

Related posts

සහල් ආනයනය නොකිරීමට රජය තීරණය කරයි !

colombotoday

විදුලි සැර වැදී පාසල් සිසුවියකට දිවි අහිමි වෙයි

Admin

හෙද වෘත්තීය සමිති වර්ජනයක

colombotoday

නේමිගේ වැවේ ගිලී පාසල් සිසුවෙක් මරුට

Admin

කොළඹ – මහනුවර අධිවේගීයේ කොටසක් 28 වනදා ජනතා අයිතියට

colombotoday

ජල විදුලි නිෂ්පාදනය සියයට 20ක් දක්වා පහත වැටෙයි

colombotoday