Colombo Today Local News

වැරදි හදාගන්න… විල්පත්තුවේ කැපූ ගස්වල හිලව්වට ගස් ලක්ෂයක් හිටවන්නැයි ජනපති ඇමති රිෂාඩ්ට කියයි..

විල්පත්තු රක්ෂිත වනාන්තරයේ බිම් අඟලක හෝ වනය විනාශ කොට තමන් මුස්ලිම් ජනතාව පදිංචිකරවීමට ඉඩම් ලබා නොදුන් බව අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් පැවසූවා. ඒ පසුගිය දින මන්නාරමේ පැවැති ජාතික පරිසර සමුලු වැඩසටහන අමතමින් ය. මේ අවස්තාවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගීව සිටියේය.

මේ අතර උත්සව සභාව ආරම්භ වීමට පෙර ජනාධිපතිවරයා සමග එක්‌ව රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා පරිසරය සුරකින බවට වූ ප්‍රතිඥවද කියවීය. ජනාධිපතිවරයා සමග පැළ රෝපණය කිරීමේ අවස්‌ථාවටද එක්‌විය.

එහිදී ජනාධිපතිවරයා විසින් රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට ඉතිහාසයේ වූ වැරදි දැන් හෝ නිවැරැදි කරගන්නා ලෙස පවසා තිබෙන බවට වාර්තා වෙනවා. අමාත්‍යවරයා විසින් විල්පත්තු රක්ෂිතයේ විනාශ කළ වූ ගස්‌ වෙනුවෙන් අලුතින් ගස්‌ ලක්‍ෂයක්‌ සිදුවීමේ වැඩසටහනක්‌ දියත් කරන ලෙසද ජනාධිපතිවරයා මේ වැඩසටහනේදී අමාත්‍යවරයාට දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

අනතුරුව පැවැති උත්සව සභාව ඇමතූ රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා කියා සිටියේ යුද්ධය හේතුවෙන් විපතට පත්ව උන්හිටි තැන් අහිමි වූ ලක්‍ෂයක පමණ මුස්‌ලිම් ජනතාව 2009 වර්ෂයේදී පුත්තලමේ සිට රැගෙන විත් ඔවුන් කලින් සිටි ගම්මානවල පදිංචි කළේ තමන් නොව නිලධාරීන් පිරිසක්‌ විසින් බවයි.

මේ සඳහා වෙනම කාර්ය සාධක බළකායක්‌ සිටි බව කී අමාත්‍යවරයා සියලු තීරණ ගන්නා ලද්දේද ජනතාවට ඉඩම් ලබාදී ඒවායෙහි ජනතාව පදිංචි කළේද එම කාර්ය සාධක බළකාය විසින් බව කියා සිටියේය.

Nethnews

Related posts

රණවිරුවන් 24ක් මරා පුළුස්සලා.. නිදහස් ඉල්ලන කොටි සිකරුවන් 3දෙනෙකුගේ කෙරුවාව හෙළිවෙයි

colombotoday

බලහත්කාරය නවත්වන තුරු සියලු මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න. – ඥානසාර හිමි බලන්ගොඩදී පවසති

colombotoday

සමෘද්ධි බැංකු අස්වැසුම ක්‍රියාවලියට ඇතුළත් කරන්න තීරණයක්

Admin

රජයේ අමතර වියදම් වලට කෝටි 1904 ක් ඉල්ලයි

colombotoday

ජනක රත්නායක – සුගත් ධර්මකීර්ති මානව හිමිකම් කොමිසමට

Admin

වරාය, ඉන්ධන, ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා වෙයි

colombotoday