Colombo Today Local News

වැඩ බලන පොලිස්පති ලෙස පූජිත් ජයසුන්දර පත් කෙරේ.

pujitha jayasundaraබස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති තනතුරේ වැඩ බැලීම සදහා පත්කර තිබේ. පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා උගන්ඩාවේ නිල සංචාරයක නිරතවන බැවින් මෙම පත්කිරීම සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. ඒ අනුව අද (01) සිට ලබන 05 වන දින තෙක් පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති තනතුරේ වැඩ බැලීමට නියමිතය.

පූජිත් ජයසුන්දර මහතා නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මීට පෙර කටයුතු කළ අතර නව රජයේ පත්වීමත් සමග කොළඹට කැදවනු ලැබුවා. ඒ මහතා පොලිස් දෙපාර්තමේන්තුව තුළ කීර්තිමත් නිලධාරියෙකු බවයි පැවසෙන්නේ. පසුගිය දා පැවති ශිෂ්‍ය විරෝධතාවට පහරදීම සම්බන්ධයෙන් ශිෂ්‍යය සංගම් විසින් පූජිත ජයසුන්දර මහතාටද චෝදනා කරනු ලැබුවා.

Related posts

සර්වපාක්ෂික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් රනිල් – සජිත් අද සාකච්ඡාවක්

colombotoday

හිස්බුල්ලා කාත්තන්කුඩියේ වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවන තැතක…

colombotoday

ආයෝජන තොරතුරු ඩිජිටල් කරන්න ජනපතිගෙන් උපදෙස්…

Admin

ඉන්දියාවෙන් දෙන නිවාස 661ක ඉදිකිරීම් අවසන්

Admin

“ජනතාව ඔබට ඡන්දය දුන්නේ රට බෙදන්න නෙවෙයි“ – ගැටඹේ නාහිමි ජනපතිට ලියයි

colombotoday

පාස්කු වන්දි නඩු විමසීමට දින දෙයි

Admin