Colombo Today Local News

වැඩි මිලට සිල්ලර වෙළදුන්ට සහල් විකිණූ සහල් නිෂ්පාදන ආයතනයකට නඩු

සහල් සඳහා පනවා ඇති පාලන මිලට වඩා වැඩිමිලට සිල්ලර වෙළඳසැල් වලට සහල් සැපයූ දිවයිනේ ප‍්‍රසිද්ධ සහල් නිෂ්පාදන ආයතනයකට නඩුපැවරූ බව පුත්තලම පාරිභෝගික අධිකාරිය පවසයි.

පුත්තලම දිස්ත‍්‍රික් පාරිභෝගික අධිකාරිය විසින් මෙම මාසය තුළ පාලන මිල ඉක්මවා සහල් අලවිකළ වෙළඳසැල් 65ක් වටලා එම වෙළඳසැල් හිමියන්වද අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබුණි. එම වෙළඳසැල් හිමියන්ගේ චෝදනාව වූයේ මෝල් හිමියන්ගෙන් තමන්ට ලැබෙන තොග මිලගණන්වලට අනුව රජයෙන් නියම කරඇති පාලන මිට අලවිකළ නොහැකි බවයි. ඒ අනුව තමන්ට නඩු දැමීම අසාධාරණබවත් එම නඩුව සහල් මෝල් හිමියන්ට දැමිය යුතුබවයි.

මේ පිළිබඳව වහාම ක‍්‍රියාත්මක වූ තොග වශයෙන් සහල් නිකුත් කරන ආයතනයක් වැටලීමේදී කීරී සම්බා සහල් අසරුම්වල රුපියල් 120ක් ලෙස මිල සඳහන්ව තිබියදී ඊට මතුපිටින් රුපියල් 140ක් ලෙස මුද්‍රණය කළ ස්ටිකර් අලවා සහල් සපයා තිබූබව පාරිභෝගික අධිකාරිය පවසයි.

නමුත් 2020. 05. 28 දින නිකුත්කළ ගැසට් නිවේදනයට අනුව සහල් අලවිකළ යුතු උපරිම සිල්ලර මිළගනන් කිලෝග‍්‍රම් 1ක් සඳහා මෙසේයි. කීරිසම්බා රුපියල් 120, සුදු- රතු සම්බා රුපියල් 98, වාෂ්පයෙන් තබ්බන ලද සුදුරතු නාඩු රුපියල් 96, සුදු-රතු කැකුලූ රුපියල් 93 ලෙසිනි.

එනමුත් මේවනවිට වෙළඳපොලේ සහල්වමිළ ගනන් මෙම පාලන මිල අභිබවා යන බව පාරිභෝගික අධිකාරිය පවසයි. මේ අනුව මෙම නීතිවිරෝධී කටයුත්ත සිදුකරනු ලබන සියලූම මෝල් හිමියන් සහ වෙළඳසැල් හිමියන් නීතියේ රැහැනට හසුකර ගන්නා බව පුත්තලම දිස්ත‍්‍රික් පාරිභෝගික අධිකාරිය පවසයි.

Related posts

හමුදා පාලනයක් ගේන්නේ නෑ – ආරක්ෂක ලේකම්ගෙන් සහතිකයක්

colombotoday

“ආර්ථික අර්බුදයට කළමනාකරණයක් නැති වුණොත් භයානක උවදුරක් ඇති විය හැකි”

colombotoday

අවුරුදු 10ක දරුවෙකු පණගැන්වූ යතුරුපැදියක ගැටී සිගිත්තියක් මරුට

colombotoday

“අයවැයෙන් දේශීය නැව් භාණ්ඩ කර්මාන්තය විනාශ කරලා” – මහින්ද මංගලට දෙහි කපයි (Video)

colombotoday

සමාජ ජාල තහනම අරක්කු බොන නිසා වීදුරු කැඩුව වගේ වැඩක් !

colombotoday

ෆෙඩරල් ව්‍යවස්ථාව අනිවාර්යෙන් ගෙන එන බව අගමැති දෙමළ සන්ධානයට ලිඛිතව පොරොන්දු වෙයි !

colombotoday